*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

යුක්රේන ළමුන් වෙනුවෙන් රුසියානු මාධ්‍යවේදියා සිය නොබෙල් තෑග්ග වෙන්දේසි කරයි – වෙන්දේසියෙන් වාර්තාගත මුදලක් !

රුසියානු ආක්‍රමණය හේතුවෙන් සරණාගත තත්වයට පත්ව සිටින යුක්රේන ළමුන් වෙනුවෙන් සිය නොබෙල් සාම ත්‍යාගය කැප කිරීමට රුසියානු මාධ්‍යවේදී දිමිත්‍රි මුරටොව් කටයුතු කර තිබෙනවා.

ඊයේ දිනයට යෙදී තිබූ ලෝක සරණාගත දිනයේදී ඔහු මෙම සත්ක්‍රියාව සිදුකළ අතර එහිදී මුරටොව්ගේ නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් වාර්තාගත මුදලක් ලැබී තිබෙනවා.

මීට පෙර නොබෙල් ත්‍යාගයක් වෙනුවෙන් සටහන් වූ වැඩිම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.76 කි. ඩීඑන්ඒ ව්‍යූහය නැවත ගවේෂණය කිරීම වෙනුවෙන් 1962 දී විද්‍යාඥ ජේම්ස් වොට්සන් වෙත ලැබුණු නොබෙල් ත්‍යාගය 2014 වසරේදී වෙන්දේසි කළ අතර ඒ සඳහා හිමි වූ මුදල ඩොලර් මිලියන 4.76 කි.

කෙසේ නමුත් මුරටොව් සිදුකළ සත්කාරය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 103.5 ක දැවැන්ත මුදලක් ලැබී තිබේ. කෙසේ නමුත් නොබෙල් ත්‍යාගය මිලදී ගත් පාර්ශ්වය කවුරුන්ද යන්න අනාවරණය වී නොමැත.

රුසියානු ආක්‍රමණය හේතුවෙන් අවතැන්ව සරණාගත කඳවුරුවල ජීවත් වන ළමුන්ගේ සුබසාධනය වෙනුවෙන් මෙම මුදල වැය කිරීමට නියමිතය.

දිමිත්‍රි මුරටොව් රුසියාවේ ස්වාධීන පුවත්පතක් වන නොවායා ගැසෙටා පුවත්පතේ කර්තෘ මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු ලෙස ඔහු ලොවපුරා ජනප්‍රිය වී තිබේ. 2021 වසරේදී නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගැනීමට ඔහු සහ පිලිපීන ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන මාරියා රෙස්සා සමත් වූහ.

රුසියානු නායක ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කර මාස කිහිපයක් ගත වී ඇති නමුත් මේ දක්වා යුක්රේනය යටත් කර ගැනීමට ඔහු අසමත් වී තිබේ. ආක්‍රමණය හේතුවෙන් යුක්රේනයට දැඩි හානි සිදුව ඇති අතර මිලියන ගණනක් යුක්රේන ජාතිකයන් සරණාගත කඳවුරු තුළ දිවි ගෙවයි. මීට අමතරව තවත් මිලියන ගණනක් අසල්වැසි රටවලට පළාගොස් සිටී.

ආක්‍රමණය හේතුවෙන් රුසියාවටද යුදමය වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන්ද දැඩි අලාභයක් සිදුව ඇත.

රුසියානුවන් සැළකිය යුතු ප්‍රමාණයක් පුටින්ගේ තීරණයට එරෙහි වූ අතර විරෝධතාව පළකිරීමෙන් පමණක් නොනැවතුණු ඇතැම් රුසියානුවන් අසරණ වී සිටින යුක්රේන ජනතාවට ආධාර උපකාර කිරීමට පවා ඉදිරිපත් විය. මුරටොව්ගේ තීරණය, යුක්රේන ජනතාවට උපකාර කිරීම සඳහා රුසියානු ජනතාවට තවත් දැවැන්ත උත්තේජනයක් වනු ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan