අපිට හරියට ඩීසල් දුන්නේ නැත්නම් ආණ්ඩුව අපෙන් තමයි ඉගෙනගන්නේ – අංජන (VIDEO)

Date:

පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් ලබාදෙන බවට අමාත්‍යවරයා පැවසුවද එය ඉටුවන්නේ අතලොස්සක් ඩිපෝවලින් පමණක් වන අතර ඇමතිවරයාගේ ප්‍රකාශය නිසා සාමාන්‍ය ඉන්ධන පිරවුම්හල් වෙතින් බස් රථ සඳහා ඩීසල් නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

දැනට ඩීසල් ලබාදෙන ඩිපෝ ද එය නිකුත් කරන්නේ පස්වරු 06.00 වෙනතෙක් පමණක් වන අතර පෞද්ගලික බස් රථ සඳහා සැලකිල්ල දක්වන්නේ මෙවැනි තත්ත්වයක් තුළ නම් අමාත්‍යවරයාට දැනෙන පාඩමක් ඉගැන්වීමට පසුබට නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඉදිරි දින කිහිපය තුළ ඩිසල් ලබා ගැනීමට නිසි වැඩපිළිවෙලක් යොදන්නේ නැත්නම් සමස්ත බස් කර්මාන්තයෙන්ම ඉවත් වී අමාත්‍යවරයාට මෙන්ම අසමත් ආණ්ඩුවටද පාඩමක් උගන්වන බව ප්‍රියන්ජිත් මහතා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...

A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : උසස්පෙළ විභාගය...

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්