*
Friday, April 26, 2024
spot_img

Latest Posts

බංකොලොත් ආර්ථිකය රැකගන්න විදෙස් ශ්‍රමිකයන්ගේ වයස් සීමාව පහත දමයි – විදෙස් මාධ්‍ය වාර්තා කරයි !

බංකොලොත් වෙමින් තිබෙන ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විදෙස් රටවල සේවය සඳහා යා හැකි අවම වයස් සීමාව 21 දක්වා අඩුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ හරහා වැඩි ඩොලර් ප්‍රමාණයක් උපයා ගැනීම රජයේ අපේක්ෂාව බවයි AFP පුවත් සේවය පවසන්නේ.

මේ වනවිට ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිත ප්‍රමාණය අවම අගයක් දක්වා පැමිණ ඇති බවත්, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම පහසුකම් සැපයීමට හෝ රජය අපොහොසත් වී ඇති බවත් AFP වාර්තා කරයි. ආහාර, ඉන්ධන, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ආනයනය සීමා කර ඇති අතර රාජ්‍ය ආයතන, පාසල් පවත්වාගෙන යා නොහැකි තරමට අර්බුදය උත්සන්න වී ඇති බවද එම පුවත් සේවය වාර්තා කරයි.

විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් හරහා ලැබෙන විදෙස් ප්‍රේෂණ, විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත්ව තිබූ අතර වාර්ෂිකව රටට හිමිවන ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 07 ඉක්මවා තිබිණි. කෙසේ නමුත් කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එම ප්‍රමාණය 5.4 ක් දක්වා අවම වූ අතර මෙම වසර වනවිට එය ඩොලර් බිලියන 3.5 ක් දක්වා අඩු වී තිබේ.

ශ්‍රී ලාංකිකයන් මිලියන 1.6 කට ආසන්න ප්‍රමාණයක් විදෙස් රටවල සේවය කරන අතර ඉන් බහුතරයක් මැදපෙරදිග කලාපයේ රටවල සේවය කරයි.

ඩොලර් උපයා ගැනීම ඉහළ දැමීමේ අරමුණින් රැකියා සඳහා විදෙස්ගත විය හැකි අවම වයස් ප්‍රමාණය 21 ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කළ අතර කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කළේ විදේශ රැකියා අවස්ථා ඉහළ දැමීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan