එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර හමුවක් පසුගිය සතියේදී පැවැත්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි රනිල් වික්රමසිංහ මහතාගේ නිවසේදී පසුගිය බදාදා (17) දිනයේදී ඔවුන් හමුවී ඇති බව සඳහන්.
එහිදී ඔවුන් දෙදෙනා ඉතාම සුහදව සුවදුක් විමසාගෙන සාකච්ඡා කර ඇති අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ද ඉතාම ධනාත්මක සාකච්ඡාවක් එහිදී සිදුව ඇති බව ආරංචිමාර්ග පැවසීය.
එමෙන්ම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මින් ඉදිරියට නායකයින් දෙදෙනා සෘජුවම එකිනෙකා සමග සාකච්ඡා කිරීමට ද එහිදී එකඟතාවකට පැමිණ ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.


