ලක්ෂ 70ක මුදල් වංචාවකට මහින්ද කහඳගම රිමාන්ඩ් !

Date:

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණයකින් නිවසක් ලබාදෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් කොළඹ නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොම්පඤ්ඤ වීදියේ පිහිටි මෙට්‍රෝ නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බව පවසමින් 2022 වසරේදී අවස්ථා දෙකකදී මෙසේ මුදල් සහ චෙක්පත් මගින් රුපියල් ලක්ෂ 70ක් පැමිණිලිකරුගෙන් මහින්ද කහඳගම ලබාගෙන ඇති බවයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ.

ඒ අනුව අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් ඔහුව ඊයේ (20) කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔහුව ජුනි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...