රතු වරෙන්තු නිකුත් කෙරුණු චීන ජාතිකයකු මෙරටදී අල්ලයි. පිටුවහල් කිරීමට සූදානම්

Date:

ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා සිටි චීන ජාතික මූල්‍ය අපරාධකරුවකු මෙරටදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අඹතලේ ජල ව්‍යාපෘතියේ කටයුතු කරන විදෙස් සමාගමක ප්‍රධානියෙකු වශයෙන් මොහු වසර කිහිපයක් මෙරට සේවය කර ඇති අතර පසුගිය මැයි 25 වනදා ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් අනුව ය.

මොහු ඇමරිකානු ඩොලර් මිලියන 58කට අධික මූල්‍ය වංචාවක් සිදුකර චීනයෙන් පැන ගොස් සිටි අයෙකු බව කොළඹ චීන තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ පුද්ගලයාව නැවත චීනයට පිටුවහල් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින අතර ඔහුව චීනයට රැගෙන යාම සඳහා කණ්ඩායමක් චීනයෙන් මෙරටට පැමිණීමට නියමිත බවත් සඳහන්.

මීට සති කිහිපයකට පෙරත් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් චීනයට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවකු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට යාමේදී අත් අඩංගුවට ගැනුණු අතර ඔහුව යළි චීනයට භාරදීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.

ඒ පිළිබඳව චීන රජය සිය විශේෂ ස්තූතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත පළකර තිබුණු බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...