ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවෝ වැස්සට පැරදී ගෙදර එති

Date:

ආසියානු ක්‍රිකට් සම්මේලනය බැලූ බැල්මට හොංකොං දේශයේ ක්‍රිකට් නැංවීමේ අරමුණත්,සමාජ ආකර්ශණය පුළුල් කිරීමේ අවශ්‍යයතාවයත් ඇතිව ආසියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ මතු බලාපොරොත්තු සහිත කණ්ඩායම් එහි දී මුණ ගස්සන්නට තීරණය කරන්නට ඇත.නමුත් එක ක්‍රීඩා පිටියකින් තරගාවලියම ආවරණය කිරීමේ දුෂ්කරතාවය සහිතව තරගාවලිය සම්පූර්ණයෙන් වර්ෂාව නිසා අසාර්ථක වූ අතර ශ්‍රී ලංකාවට ද නිමා කරන්නට හැති වූ එකම තරගය ජය ගත්ත ද වර්ෂාව නිසා අත හරින්නට සිඳු වූ තරග නිසා අපරාජිතව තරගාවලියෙන් ඉවත් වන්නට සිදු විය.


දින දෙකක් පුරා අවසාන පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවත්වීමට උත්සාහ කළත් එය පැවත්වීමට වර්ෂාවෙන් ඉඩ ලැබුණේ නැත.අවසානයේ ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු වේගය සළකා ඉන් ඉදිරියෙන් සිටි ඉන්දියාව අවසාන තරගයට රැඟෙන ඒමට තීරණය විය.පකිස්තානය සහ බංගලාදේශය අතර පැවති තරගය ද වර්ෂාවෙන් එල්ල වූ බාධි මැද්දේ පන්දු ඕවර් 9 ක් පැවත් වූ අතර එහිදී පෑ දස්කම් අනුව බංගලාදේශය අවසාන තරගයට සුදුසුකම් ලැබීය.


සමහර විට තරගාවලිය ක්‍රියාත්මක වූවේ නම් මෙම කණ්ඩායම් දෙකම අවසාන තරගයට එන්නට තිබිණි.එසේ නොවන්නට ද තිබිණ.වඩාත් හොඳින් දක්ෂතා දක්වන්නට තරගකාරීත්වයෙන් ඉහළ මට්ටමේ තරගාවලියක් සහ සැබෑ දක්ෂතා අනාගතය වෙනුවෙන් හඳුනා ගැනීමට ආසියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණ අවශ්‍යයතාවයට මේ තරගාවලියෙන් කිසිඳු සේවයක් සිඳු නොවිණි.ඒ අනුව බලන විට කෙසේ හෝ සූරතා කුසලානය කාට හෝ ප්‍රදානය කිරීමක් සිදු කරන්නට පැවති තරගාවලියක් මිස ආසියාවේ ක්‍රිකට් දක්ෂතා අධ්‍යයනය කරන්නට ආසියානු ක්‍රිකට් පරිපාලනයට මේ තරගාවලියෙන් ඉඩක් නොලැබීම අවාසනාවන්ත තත්ත්වයකි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...