මෙහෙම හරියන්නේ නැහැ.ආපස්සට බලපාන ආකාරයට පනත සංශෝධනය කරන්න – කිරිඇල්ල

Date:

කොළඹ LNW:දූෂණ විරෝධී පනත ආපස්සට ද බලපැවැත්වෙන ආකාරයට බලාත්මක විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.

ඒ, අද (21) එම පනත සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.

පනතේ සඳහන් කර තිබෙන අන්තර් කාලීන වගන්තිය ඊට ප්‍රමාණවත් නොවන අතර විපක්ෂය ලෙස එම සංශෝධනය ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් කළේ 2004 වසරේදී වන අතර මෙම පනත එම කාලය දක්වාම ආපස්සට බලපැවැත්වෙන පරිදි සංශෝධනය විය යුතු බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ශ්‍රේෂ්ඨාධිකරණය බලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවට පටහැනිද නැද්ද යන කාරණය පමණක් වන අතර ආපස්සට බලපැවැත්වෙන පරිදි පනත සකස් කිරීමට ආණ්ඩුවට දේශපාලන වුවමනාවක් තිබිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් පනත ආපස්සට බලාත්මක කිරීම අමතක කර එය ඉදිරියට බලපැවැත්වෙන ආකාරයට නම් ගේන්න හදන්නේ ඉන් රජයේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...