ත්‍රී රෝද රථයක් බස් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 22 , කොළඹ (LNW):

වත්තේගම සිට අනුරාධපුර වන්දනාවේ යමින් සිටි ත්‍රී රෝද රථයක් බස් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව සඳහන් වේ.

කිරුළුගම ප්‍රදේශයේදී මහනුවර දෙසට ගමන් කළ බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අදාළ ත්‍රීරෝද රථය අනතුරට ලක්ව තිබෙන අතර, මාතලේ පොලීසිය සඳහන් කළේ, අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ මව සහ දියණිය වන බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථය පැදවූ රියදුරා සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...