සජිත්ගේ “සක්වල” ස්මාර්ට් පන්ති කාමර වැඩසටහන 250 වැනි කඩඉම පසුකරයි ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දැයේ දුවා දරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහාත් අධ්‍යාපනය නවීකරණය කිරීම සඳහාත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “සක්වල” සුහුරු පන්ති කාමර පරිත්‍යාග වැඩසටහනේ 250 වැනි අදියර අද (22) දිනයේදී ක්‍රියාත්මක විය.

ඒ අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ජාතික පාසලට රුපියල් 1,177,000 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ සහ ජේ. සී. අලවතුවල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...