නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW:
මේ මොහොතේ ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගි වීම සඳහා සියල්ල සූදානම්ය.ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මේ යොවුන් කණ්ඩායම ඉතා දක්ෂ එකක් බවය.එසේ වෙනවානම් සහ මේ සූරතාවය ලංකාවට ලැබෙනවානම් අප ඉතාම කැමත්තෙන් සිටිමු.හදවතින්ම ඒ ජය රැඟෙන එන්නට මේ තරගාවලියට සහභාගි වන අත්දැකීම් සහිතම කණ්ඩායම වන ශ්‍රී ලංකාවට අපි ආශිර්වාද කරන්නෙමු.
මේවා ඇතුළේ තේරුම්ගන්න බැරි කාරණා කිහිපයක් ඇත.එකක් හයසින්ත් විජේසිංහ කණිෂ්ඨ කණ්ඩායමේ පුහුණුකරුවීමය.එය සමහර විට වැදගත් තීරණයක් විය හැකිය.මන්ද ආසියානු සූරියන් වීම තරම් ශ්‍රී ලංකාවට යොවුන් සූරියන් වීම පහසු වී නැත.අවස්ථා තුනකදී පමණක් සූරතාවය දිනා ඇත.වැඩිම අවස්ථාවක සූරතාව දිනා ඇත්තේ ආසියානු නෙට්බෝලය ගැන කතා කරන විට ශ්‍රී ලංකාවට පසුව අවධානය දිනාගෙන තිබෙන සිංගප්පූරුවත් නොවේය.මැලේසියාවය.ඔවුන් හත් වරක් සූරතාවය දිනාගෙන ඇත.වතමන් සූරතාවයට හිමිකම් කියන්නේද ඔවුන්මය.ඒ නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට හයසින්ත් ඉහළින් කැඳවීමක් කරානම් ගැටළුවක් නැත.

ගැටළුව ඇත්තේ කොතැනද?ගැටළු සෙවීමේ අරමුණ ද සහිතව වගකීම ද සහිතව පරිපාලන වලකීම පවරාගෙන ඇි අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙමාල් ප්‍රනාන්දු විරෝධය එල්ල වූ පරිපාලනයේම ප්‍රධානියාට පහසුකම් සැපයීමේ වගකීම පවරන්නේ සදාචාර විරෝධීවය.අපට ලක්ෂ්මි වික්ටෝරිය සමඟ ගැටළුවක් නැත.පෞද්ගලිකව ඇය බොහෝ කුළුපඟය.මිතුරුය.එහෙත් පරීක්ෂා කළ යුතුව තිබියදී ඒ පරික්ෂාවේ සාමාජිකාවකම එහි වගකීම් දැරීම හිරිකිතය.එහෙත් ෂෙමාල් මෙන්ම වික්ටෝරියාද ඒ වැඩය සිඳු කළේය.

දරන් මේ නම් කර තිබෙන කණ්ඩායමේ සහය පුහුණුකාරිය ලෙස එන් ප්‍රසාදි ගෙන ඒම ගැන අර්බූදය එන්නේ මුලටය.මේවා අනුමත කරන්නේ ෂෙමාල් ප්‍රනාන්දුනම් ෂෙමාල් මීට පෙර හයසින්ත් හෝ තිලකා ජිනදස වැනි පුහුණුකාරියක් ගැන නොසිතා ජාතික පුහුණකාරිය ලෙස ප්‍රසාදිව පත් කළේ ඇයි? නැත්නම් ඊට අනුමැතිය දුන්නේ ඇයි?ජාතික පුහුණකාරී වගකීම දැරූ සොමිතා ද අලවිස් යන අය ද එහි සිටයේය.
මේ ප්‍රශ්නය දැන් ගමන් කරමින් තිබෙන්නේ ප්‍රසාදිව අප්‍රසාදයට පත් කරනවාට වඩා ජාතික පුහුණුකාරිය කියන වගකීම අප්‍රසාදයට පත් කිරීම සම්බන්ධයෙන්ය.සියල්ල දන්නා බව නිතර හඟවන ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ඇත්තටම ක්‍රීඩාවේ ප්‍රායෝගිකත්වය සම්බන්ධයෙන් අයබෝධයක් ඇති නියෝජ්‍ය ඇමතිට මේ පවසන කාරණා සත්‍යයනම්,මීට පෙර ජාතික පුහුණුකාරිය තේරීම සිඳු වි ඇත්තේ නිවැරදිව නොවන බව තේරුම් යනු ඇත.එය නිවැරදිනම් කණිෂ්ඨ කණ්ඩායමේ සහය පුහුණුකාරිය කළේ කෙසේද?මේ පත්වීම් දෙකම සිඳුවන්නේ ෂෙමාල් ප්‍රනාන්දුගේ පරිපාලන නායකත්වය යටතේය.එහි අදහස ඔහුට මේ බෝලය ගැන අවබෝධයක් නැතුව කටයුතු කරන බව නොවේද?


ලංකාවේ බොහෝ කේෂ්ත්‍රවල කුමන හෝ වගකීමක අවශ්‍යයතාවය මිස එය කුමක්ද යන්න වැදගත් නැත.ඒ නිසා තමන් පිළිබඳව වුව හරි අවබෝධයක් ඔවුන්ට නැත.දෙන දෙයක් භාර ගැනීමට ඔවුන් පැකිළෙන්නේ නැත.මේවා දේශපාලන සංස්කෘතිය සම්බන්ධ අර්බූදයකි.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවිමෙන් පසුව නැවත පාර්ලිමේන්තුවට එන්නේ ඒ නිසාය.මෛත්‍රීපාල සිරිසේන ද එයම කරන්නේය.මේ යන හැටියට රනිල් වික්‍රමසිංහ පමණක් නොව දිනෙක අනුර කුමාර දිසානයාකද නැවත පාර්ලිමේන්තුවට ඒමට ඉඩ ඇත.

ඒ නිසා මේ චක්‍රයට හසුව කැරකෙන රොඩ්ඩක් මිස මේ චක්‍රය කරකවන බලයක් ප්‍රසාදිට ද නැත.තමන් චක්‍රය හඳුනා නොගන්නාතාක් තමන්ව රොඩ්ඩක් විදිහට පාවිච්චි වෙන බව දැන ගත යුතුය.බලු වෑන් එක එනකොට එයට බුරා පනින බල්ලන් ඇත.ඉතිහාසය දන්නා කෙනෙකුට උන්ට අත් වූ ඉරණම ගැන අලුතෙන් කියන්නට දෙයක් නැත.ඒත් සමහර හොඳ ඉව ඇති බල්ලන් බලන්න මේ වෑන් එක ඉතාම සූක්ෂමව මඟ හැර සිටියි.වැදගත් ඒ ඉව ය.

