වීදි ආශ්‍රිතව සිඟමනේ සහ රැකියාවල යෙදෙන දරුවන් ආරක්ෂිත කිරීමේ මෙහෙයුම්:ආරම්භයේදී ම දරුවන් 21ක් හඳුනාගනී!

Date:

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW :

පසුගිය 12 වන දින කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මැදිහත්‍වීමෙන් දරුවන් සිඟමනේ යෙදවීම, භාණ්ඩ අළෙවියේ යෙදවීම, ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල යෙදවීමට එරෙහිව පවතින නීති දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා සහ එවැනි තත්ත්වයන්ගෙන් අනාරක්ෂිත විය හැකි දරුවන් කල් තබා හඳුනා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කරවීමටත් අදාළව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් මාධ්‍ය සාකච්ඡාවක් සංවිධාන කළ අතර,ජූලි 1 වන දා සිට මෙම නීති ක්‍රියාත්මක කිරීම අනිවාර්යය කිරීමේ අත්‍යාවශ්‍යතාව දන්වමින් අමාත්‍ය මණ්ඩල සටහනක් ද එළැඹෙන අමාත්‍ය මණ්ඩල හමුව වෙත නිකුත් කර ඇත.

පසු ගිය දිනයන්හි ශ්‍රී ලකා පොලිසිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා එක්ව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, අනුරාධපුර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි තෝරාගත් පොලිස් කොට්ඨාස වල සිදු කරන ලද මෙහෙයුම් මගින් මේ වන විට අනාරක්ෂිත බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු හදුනාගෙන නිලධාරීන් භාරයට ගෙන ආරක්ෂිත භාරකාරත්වයන්ට පත්කර ඇත.

මෙළෙස වීදියේ සිගමන් යැදීම, වෙළදාම, අන්තරායකාරී රැකියා වල යෙදෙන හෝ වෙනත් කවර හෝ ආකාරයකින් අනාරක්ෂිත තත්වයේ සිටින දරුවන් පිළිබඳව තොරතුරු ඇතොත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක සේවය වෙත, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරන කාර්යාංශයේ 109 හදිසි ඇමතුම් සේවය වෙත, දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයක් මගින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් ට අනුබද්ධව සිටින කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් වෙත දැනුම් දීමෙන් ඔවුන් එම අනාරක්ෂිත තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමටත් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමටත් ඔබට දායක විය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද...

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...