ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව, පිල්ලෙයාන්, හකීම්, තොණ්ඩමන් එකතු කරගෙන යැයි විපක්ෂය චෝදනා කළත් තමන් කිසිදු දේශපාලනය ව්‍යාපාරයක් එකතු කරගෙන නොමැති බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
“මේ ඉන්නවා විපක්ෂයක් කියලා එකක් කිසි වැදගැම්මකට නැති, ගල්වල හැප්පිලා පාර්ලිමේන්තුවට විසිවෙලා තියෙන්නෙ. ඒ හාදයින් කියනවා අපි රට පාලනය කරන්නෙ ප්‍රජාතන්ත්‍ර විරෝධීව ලු. ප්‍රාදේශීය සභා පිහිටුවලා තියෙන්නෙ අරුන් මුන් එකතු කරගෙන ලු. හොරකම් කරපු පොහොට්ටුව එකතු කරගෙන ලු, පිල්ලෙයාන්, හකීම්, තොණ්ඩමන් එකතු කරගෙන ලු. අපි දේශපාලන ව්‍යාපාර එකතු කරගෙන නෑ. සජිත් ප්‍රේමදාසලාට, නාමල්ලාට, දිලිත්ලාට, සුන්බුන් විපක්ෂයට අපි කියනවා ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා කියලා”
ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති ජන හමුවක් අමතමිනි.