ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එකතුවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව ඔවුන් රාජ්‍ය අමාත්‍යවරුන් වශයෙන් ඉදිරියේදී දිවුරුම් දෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.
RN