රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW :
ශ්රී ලංකා යුද හමුදාව නිත්ය බලඇණියේ නිලධාරී කැඩෙට් කෙටි පාඨමාලා (ඩිප්ලෝමා) සහ කාන්තා නිලධාරී කැඩෙට් පාඨමාලා (ඩිප්ලෝමා) පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවා ඇත.
යුද හමුදාවේ අධිකාරී ලත් නිලධාරීන් ලෙස වෘත්තියක් කරගෙන යාමට කැමති සුදුසුකම් ලත් අපේක්ෂකයින් අයදුම් කිරීමට මෙමඟින් උනන්දු කරනු ලැබේ.
සුදුසුකම් නිර්ණායක, අයදුම් කිරීමේ ක්රියා පටිපාටි සහ පාඨමාලා තොරතුරු ඇතුළු වැඩිදුර තොරතුරු ශ්රී ලංකා යුද හමුදාවේ නිල වෙබ් අඩවියෙන් (https://www.army.lk/officer) ලබා ගත හැකිය.


