රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අත් අඩංගුවට ගැනීම සඳහා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, මහනුවර ප්‍රදේශයේ ගුරුවරියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් 2010 වසරේදී ගොනු කරන ලද නඩුවකට අදාළවය.

එම නඩුව ඊයේ (21) මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී රංජන් රාමනායක මහතා උසාවියෙහි පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරන ලද අතර නඩුව සැප්තැම්බර් 06 වනදාට කල්තැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...