වීසා කාලය ඉක්මවා රැඳී සිටින විදේශිකයින්ගේ දඩ මුදල් අඩුකරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

Date:

වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයින්ගෙන් අය කෙරෙන දඩ මුදල් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ අත්සනින් යුතුව ඊයේ (21) දිනයේදී එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

වීසා කාලය ඉක්මවා රැඳී සිටින අයගෙන් එක් දිනකට ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදලක් මීට පෙර අය කරගෙන තිබුණු අතර නව සංශෝධනයට අනුව වීසා කාලය ඉක්මවා රැඳී සිටින පළමු දින 07 තුළ කිසිදු දඩ මුදල් අයකිරීමක් සිදු නොකෙරේ.

පළමු දින 07න් පසු ඊළඟ දින 07 සඳහා වීසා ගාස්තුවට අමතරව අය කෙරෙන දඩ මුදල් ඇමරිකානු ඩොලර් 250 කි.

වීසා කාලය අවසන්ව දින 14කට වැඩි කාලසීමාවක් රැඳී සිටි අවස්ථාවකදී වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අයකෙරේ.

අධික දඩ මුදල් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත විදේශිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...