කඩෙන් කෑම අවදානම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වෙළෙඳපොළේ පවතින ආහාර ද්‍රව්‍යවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම පිළිබඳ විශාල ගැටලු සහගත තත්ත්වයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඒ ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය රජයේ රසායනාගාරවල නොමැති වීම හේතුවෙනි.

එ පිළිබඳ එහි  උපුල් රෝහණ මහතා පැවසුවේ මෙවන් අදහසක්,

“දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආහාරවල සුරක්ෂිතතාවය ආරක්ෂා කරගැනීම සඳහා රසායනාගාරවලට සාම්පල යනවා. මේ සාම්පලවල පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හිඟ නිසා මේ වෙද්දි බොහෝ අනුමත රස පරීක්ෂක කාර්යාලවලින් දැනුම්දීලා තියෙනවා විශාල ආහාර ප්‍රමාණයක් එවන්න එපා කියලා රසායනාගාරවලට විශ්ලේෂණ කටයුතු සඳහා. මේ ගැටලුවත් එක්ක දිවයිනේ වෙළෙඳපොළේ බොහෝවිට තියෙන ආහාරවල ගුණාත්මකභාවය පරීක්ෂාකිරීමේ බරපතළ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අධිකරණමය කටයුතු සඳහා අපි යවන රසායනාගාර සාම්පල පරීක්ෂා කරගැනීමේ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. කඩිනමින් මේ තත්ත්වය නිවැරදි කරන්න කටයුතු කළ යුතුයි. විශේෂයෙන් රජයේ රස පරීක්ෂක සහ අනුමත රස පරීක්ෂකවරුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සහ රසායනික ද්‍රව්‍ය සැපයිය යුතුයි. එහෙම නැති වුණොත් වෙළෙඳපොළේ භාවිතයට නුසුදුසු බොහෝ ආහාර ද්‍රව්‍ය අලෙවි වේවි. මෙහි ගුණාත්මකවීමේ තත්ත්වය අපිට ඉදිරියට කළ නොහැකියි.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...