ආසියානු මාරුතවලට එරෙහිව බැදෙන ලංකාවේ ඩුබායි ආශිර්වාදය ෂැනොන්

Date:

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW:

ලංකාවෙ ජාතික කණ්ඩායමක් ජාත්‍යන්තර තරගාවලියකට යනකොට ඒක කොයිතරම් සමාජයට විවෘත වෙන්න අවශ්‍යයද කියන කාරණය හිතන්න ඕනි දෙයක්.ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියට යන කණ්ඩායම ගැන තොරතුරු දැනගන්න විශාල වෙහෙසක් දරන්න වුණා.මේ කණ්ඩායමේ ඉන්න ගෝල් ඩිෆෙන්ස් සහ ගෝල් කීපර් ස්ථානවලට නම් කර තිබෙන ෂැනොන් ද සිල්වා කණ්ඩායමට එන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින්.


කෙල්ල නෙට්බෝලෙන් ඩුබායි හොල්ලල ඉන්නෙ.එරට සංවර්ධන සංචිතයට පවා නම් කර තිබෙනවා.ඒ නිසා මේ යොවුන් කණ්ඩායමේ ඇය ඉන්න එක ශ්‍රී ලංකාවට ධන ලකුණක්.ලංකාව මෑත ඉතිහාසයේ ජයගත්තු අවස්ථා ගත්තමත් ගොඩක් දෙනෙක් කතා කළේ තර්ජනීගේ ලකුණු මැෂින් එක ගැන.ඒක වැරදි නැහැ.හැබැයි ඒ ජයග්‍රහණ පිටුපස හිටිය චතුරංග ජයසූරිය සහ ගයනි දිසානායක ගැන කතා වුණේ අඩුවෙන්.ඔවුන් කොයිතරම් දුරට තමන්ගෙ දැල ආරක්ෂා කරලා දුන්නද කියන කාරණය ගැන යොමු වණේ අඩු අවධානයක්.
ඉතිං ෂැනොන් කියන්නෙ අන්න එහෙම අඩු අවධානයක් යොමු වෙන ස්ථානයක ක්‍රීඩා කරන රටේ ජයග්‍රහණයට විශාල සේවයක් කරන්න පුළුවන් ක්‍රීඩිකාවක්.අන්තිමට ජයග්‍රහණයෙ ලකුණු ගණන කියවෙන එකයි අගය කරන එකයි හැරෙන්න අනිත් කණ්ඩායමේ ලකුණු අඩු වෙන්න කවුද නැවත්තුවෙ කියන කාරණය ගැන අවධානය යොමු වෙනවා අඩුයි.මේ තත්තවය යටතෙ රටට වැඩක් කරන්න පමණක් පැවරුණු රාජකාරියක් සමඟ තමයි ඇය තරග වදින්න එන්නෙ.


ෂැනොන් ඩුබායි ඉදලා මේ ටීම් එකට ගස්සන්න ගෙන්නන්නෙ ඇයි?
එක පාරට ඔළුවට එන්න පුළුවන් නේද එහෙම ප්‍රශ්නයක්.ආසියානු ශ්‍රේණිගත කිරීම්වල පැත්ත පළාතක නැති රටක සෙල්ලම් කරන කෙනෙක් මෙච්චර වටින්නෙ කොහොමද?
ක්‍රීඩාව ආර්ථිකයට සම්බන්ධ වෙන නහර තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළයි.ඒ නිසා ඩුබායි කියන්නෙ හැම රටකම හැම ක්‍රීඩාවකම වගේ වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පය ගහන තැනක්.උදාහරණයකට ෂැනොන්ම ගත්තම ඇය ද ඇතුළත් කර සිටින ඔවුන්ගේ රටේ නෙට්බෝල් සංවර්ධන සංචිතය ඇතුළත් මේ සමඟ ඇති ඡායාරූපය බලන්න.එහි සිටින්නේ එරට ඉපදුණ අය නෙමෙයි.පුරවැසිභාවයට සුදුසු වූ අයයි.
මේ තත්ත්වය අද වන විට ලෝකයේ හැමතැනකම සිඳුවන දෙයක්.හැබැයි ඒ දේවල් කරන්න රටකට ආර්ථික හයියක් තියෙන්න ඕනි.එහෙම නැතුව අපේ තියෙන ලේ සබඳතා යොදා ගෙන ලංකාවෙ විදේශවල ක්‍රීඩකයින් ක්‍රීඩා කරන වැඩක් තියෙන්නෙ පාපන්දුවල විතරයි.දින කිහිපයකට පෙර නිමා වුණ හොංකොං සහ ශ්‍රී ලංකාව සමඟ වූ රගර් තරගය බලන්න.හොංකොං කණ්ඩායමට ක්‍රීඩා කළේ ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය වන චීන සම්භවයක් තියෙන අය ද?
මේවට හුරුවෙන්නෙ නැතුව දුක ලියලා වැඩක් නැහැ.ආසියාව දිනන මැද පෙරදිග මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම දෙනා පාහෙ අප්‍රිකානු සම්භවයක් ඇති අයයි.ඒ අය නිවැරදි ආගමන විගමන නීතිවලට අනුව ඒ අටවල්වල පුරවියන් වෙලා.ලෝකය එක යායක් වෙනකොට ඊට අදාළ නීතිය අනුව එහෙම වෙන්න ඕනි.ලංකාවෙ රගර්වලදි කරා වගෙ ඒ නිතියට අනුව වැඩ නොකර වැඩ කරලා ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත් නොවී සිටීම තමයි වැදගත්.රාජපක්ෂලාට නීතිය නොතකා වැඩ කළ හැකි සීමාව නොසළකා වැඩ කළත්,ලෝකය පිළිගත් සම්ප්‍රදායන්ට අනුව ඒ ලොකුකම් තඹයකට වටින්නෙ නැහැ.


ඉතිං සැනොන් ඉන්නෙ එහෙම වැඩ කරන පොළවක නෙමෙයි.ලෝකයේ විශිස්ඨ නෙට්බෝල් ක්‍රීඩිකාවන් සමඟ අදහස්,දක්ෂකම් බෙදාගන්න පුළුවන් ව්‍යහුයකයි.ෂැනොන්ගෙන් වැඩ ගන්න කොට අපි පොඩ්ඩක් විතර නිහතමානි වෙන්නත් ඕනි ඇය වැඩුණු ඇයට ආශිර්වාදයක් වෙච්චි විදේශිය පොළවට.අපිම නැති කරගන්නවා ඇරෙන්න අපිට තමයි ආසියාවේ හොඳම නෙට්බොල් තියෙන්නෙ.ෂැනොන්ටත් ගෞරවයක් තියෙන්න ඕනි එහෙම තැනක ක්‍රීඩාවෙ පංගුකාරයෙක් වෙන්න ලැබුණු එක ගැන. ඒ වගෙම තමයි ෂැනොන් පහුගිය දොහේ අත්දැකීම් ගත්තෙ ආසියාවේ නෙමෙයි ලෝකයේ හොඳම අය ඇවිත් සිය වෘත්තීය දස්කම් විදහා දක්වන පොළවකයි.අපි මේ වෙලාවෙ ෂැනොන් වෙනුවෙන් ඒ දියුණු ක්‍රීඉා සංස්කෘතියටත් ස්තූතිවන්ත වෙන්න ඕනි.
ඒ වගෙම තමයි ලංකාවෙ නෙට්බෝල් නෝනලත් එයාලට උදව් කරන අමාත්‍යංශයෙ සංවර්ධන දෙපාර්තමේන්තුවෙ මහත්තුරුත් නෙට්බෝල් කියලා එක එක්කෙනාගෙ කිල්ලෝට ශුද්ධ කරන එක නවත්තලා රටට අවශ්‍යය කරන ක්‍රීඩාව ගැන පමණක් හිතන්න ඕනි.මොකද මේ ඩුබායි නැගිටීම ෂැනොන්ගෙ ආශිර්වාදයට සීමා නොවී ලෝකෙ ඉහළම නෙට්බෝල් සංස්කෘතීන් මුසු වෙච්චි ආසියාවට කෙරෙන ඩුබායි බලපෑමක් දක්වා වැඩෙන්න නියමිත බව තේරුම් ගන්න ඕනි.
පරාජයෙදි අපේ ඇතැම් මාධ්‍යයත් හදාගෙන ඉන්න දිනන එකාගෙ උප්පැනනේ රට කියන කතාව නවත්තලා ලංකාවෙන් අලුත් ලෝකයට හදා දෙන්න ඕනි ලෝකේම පරද්දන්න පුළුවන් ක්‍රීඩාවක්.එහෙම හිතලා වැඩ කරොත් ලෝකය නෙමෙයි අපට ආසියාවවත් දිනන එක ස්ථීර වශයෙන් තියාගන්න පුළුවන් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජින් වාස්ට වරෙන්තු!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට...

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිර්‍රම, පැත්තක ඉන්න ලංකාවට බලපානුයේ කෙසේද?

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෝමූස් සමුද්‍ර...

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ...

පාර්ලිමේන්තුවෙන් ගිය ආචාර්ය සූරියප්පෙරුම මුදල් ලේකම් ධූරයට!

කොළඹ LNW:හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල්...