සභා දින්නා වෙන්න පුළුවන් හැබැයි මහජන විශ්වාසය පළුදු වුණා – තිස්ස

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාව ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කළද ඒ හරහා ආණ්ඩුව කෙරෙහි පැවති මහජන විශ්වාසය පළුදු වී තිබෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ස්වාධීන කණ්ඩායම් ආණ්ඩුවේ දැලට හසුවූ අතර කොළඹ මහ නගර සභාවේ බලය වෙනුවෙන් ආණ්ඩුව සිය කීර්තිය පවා අහිමිකරගෙන තිබෙන බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

” මම කැමති නැහැ පුද්ගලයින්ට අපහාස කරන්න. නමුත් සමහර ස්වාධීන කණ්ඩායම්වලින් තරඟ කරපු අය ආණ්ඩුවේ දැලේ හසුවෙලා හිටියේ. සමහර අයට කුඩුකාරයෝ කියල චෝදනා කළා. සමහර අයට ඩීල්කාරයෝ කියල චෝදනා කළා. සමහරු ස්වාධීනව එන්නේ නගර සභාවත් එක්ක බිස්නස් කරන්න කිව්වා. එහෙම ගොඩක් දේවල කියපු අයනේ එතන ගිහින් ජන්දය දුන්නේ. අපි අහන්නේ මේකයි. ඒ ජයග්‍රහණය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ කීර්තිය කොච්චර නැතිකරගත්තද?ආණ්ඩුව පිළිබඳ ජනතාව තබපු,දුෂණය,හොරකම,වංචාව නැති පාලනයක් කියන එක කොච්චර දැලි ගාගත්තද?ඒ නිසා ආණ්ඩුව ජයග්‍රහණය කරන්න පුළුවන්. හැබැයි මහජන විශ්වාසය එහෙම පිටින්ම කොළඹ මහ නගර සභා නිලවරණයත් එක්ක ආණ්ඩුව යම් ආකාරයකට පළුදු කරගත්තා කියන එක නම් සියයට සියයක් සහතිකයි.”

මේ අතර පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කරමින් ඊට අභියෝග කළ සමඟි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සිටලු දෙනාටම එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර ඇති බවද අත්තනායක මහතා කියාසිටියි.

එහි පළමු පියවර ලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන අතර විනය පරීක්ෂණයක් පවත්වා ඉවත් කිරීම දක්වා කටයුතු කරන අතර මෙම පියවර තුන ගැනීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා කළමනාකරණ මණ්ඩලය දැඩි ලෙස තීරණය කර ඇති බවද අත්තනායක මහතා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් කොමිසම හමුවට ආ ඇවන්ගාඩ් සභාපති!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : අල්ලස් කොමිසම...

කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිධූරය NPP එස් එච් ධනුජට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : කළුතර මහනගර සභාවේ...

සජින් වාස්ට වරෙන්තු!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට...

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිර්‍රම, පැත්තක ඉන්න ලංකාවට බලපානුයේ කෙසේද?

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෝමූස් සමුද්‍ර...