‘හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීමට උදවු කරන්න’- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලයි

Date:









සටහන: සශිකලා මධුෂාණි
ජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින් ඉරානයේ ෆෝඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන් හි ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද පෙර නොවූ විරූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ගෙන ඇති තීරණයට වැලැක්වීමට මැදිහත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය 1979 විප්ලවයෙන් පසු ඉස්ලාමීය ජනරජයට එරෙහි විශාලතම බටහිර මිලිටරි ක්‍රියාමාර්ගයට ඊශ්‍රායලයට එක්වෙමින්, ලෝකය දැන් ඉරානයේ ප්‍රතිචාරයට සූදානම් වෙමින් සිටී.

මේවන විට ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ පියවරක් අනුමත කළ නමුත් අවසානයේ එම තීරණය ඉරානයේ ඉහළම නායකයින්ට පැවරෙන අතර හොමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකකට වඩා, බැරල් මිලියන 20 ක් සහ එහි ද්‍රව ගෑස් වලින් වැඩි ප්‍රමාණයක් දිනපතා ගමන් කරන ලෝකයේ වැදගත්ම තෙල් නැව් ගමනාගමන ස්ථාන අතරින් එකකි.

විශේෂයෙන්ම ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ (OPEC) සාමාජිකයින් වන සෞදි අරාබිය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් සහ ඉරාකය ඔවුන්ගේ බොරතෙල් වලින් වැඩි ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ආසියාවට අපනයනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...