ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු

Date:

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ දී පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් දෙදෙනෙකු නැත.ඇන්ජලෝ මැතිවිස් සමුගත් බැවිනි.මිලාන් රත්නායක ආබාධයකට ගොඳුරු වී ඇත.මේ සඳහා කැඳවන ලද ක්‍රීඩකයින් අතර අලුත්ම නම් දෙක දුනිත් වෙල්ලාගේ සහ විශ්ව ප්‍රනාන්දුය.ඊට අමතරව සංචිතායේ සිටින ක්‍රීඩකයින් අතර පවන් රත්නායක,පසිඳු සූරියබණ්ඩාර,දිනූෂ සොනාල්,කසුන් රාජිත සහ ඉසිත විජේසුන්දර ද සිටියිි.


හෙට තරගයට නැති, පෙර තරගයේ සිටි දෙදෙනාම තුන් ඉරියව් දස්කම් දැක්වූවන්ය.එහෙත් අවසාන භාගයේ ටෙස්ට් තරගයක මැතිව්ස් පන්දු යවන්න ආවේම නැත.මිලාන් ගෙවුණු තරගයේදී ද තුන් ඉරියව්වෙන් කණ්ඩායමට හොඳ දායකත්වයක් දුන්නේය.එහෙත් මිලාන් සම්බන්ධයෙන් වන හිස්තැන ගැන වේග පන්දුවට සීමා කර සිතා ඇන්ඩලෝගේ හිස් තැනට ද තුන් ඉරියව් ක්‍රීඩකයෙකුම සිතන්නට ඉඩක් පවතින්නේය.ඉකුත් තරගයේදී ද බලපෑමක් ඇති කළ හැකි තෙවන දඟ පන්දු යවන්නෙකු කණ්ඩායම තුළ නොසිටීම ගැටළුවක්ව දැණුනි.


මේ නිසා වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවූවේද යන්න සිතිය යුතු කාරණාවකි.එසේම දඟ පන්දු යැවීමේදි ද යම් සාර්ථකත්වයක් පෙන්වන පිතිකරණයේදී ලකුණු අතර සිටින දිනූෂ සොනාල් ද කණ්ඩායමේ සිටින්නේය.යම් විදිහකට මේ සිතීම වෙනස් වුවහොත් ඇන්ජලෝ ගේ මෑත කාලීන භූමිකාවට අනුව පිතිකරණය පමණක් සළකා හිස් තැන පියවන්නේනම් එයට දිනූෂ සොනාල් සමඟ පවන් රත්නායකද,පසිඳු සූරියබණ්ඩාර ද එම ස්ථානයට තරගයක් දෙනු ඇත.


කාලයකින් එක් වේග පන්දු යවන්නෙකු සමඟ පමණක් තරගයට ඒමටද ඉඩ ඇත.එය ශ්‍රී ලංකාවේ පැරණි උපක්‍රමයකි.එහෙත් එස්එස්සී පිටියේ වේග පන්දු යවන්නන් ද වැඩ පෙන්වා ඇති තැනකි.එය තීරණය කරන්නේ තණිතීරුව වන අතර එවැනි අදහසකට යාම භයානක විය හැකිය.ඒ පළමු තරගයේදී ශ්‍රී ලංකාවට වඩා හොඳ දසකම් බංගලිදේශ පන්දු යවන්නන් දැක් වූ නිසාය.
ඒ නිසා මිලාන්ගෙන් හිස්වන තැන විශ්වට ද,රජිතට ද නැතිනම් ඉසිතට ද යන ගැටළුව ඇත.ඉසිත මේ තිදෙනා අතරින් පිතිකරණයට වැඩි දස්කම් ඇති ක්‍රීඩකයාය.ඒ තත්තවය සැළකිල්ලට ගැනීමට වඩා රාජිත එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේද දස්කම් දක්වා පැමිණ සිටීමත්,විශ්වගේ අත්දැකීම් සහිත පන්දු යැවිමත් ගැන වැඩිපුර හිතන්නට ඉඩ ඇත.
හෙට කෙසේ වුව ද මේ තේරීම් අතර එක් නවකයෙකු හෝ රැඳෙනු ඇතැයි සිතිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...

කියෙව් කලාපයට රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර; හයක් මරුට!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන කියෙව් කලාපයේ...