*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

වසර 30 ට පසු ක්‍රිකට් ජයග්‍රහණයේ අර්ධ සත්‍යය සහ සත්‍ය

ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලිය ජය ගැනීමෙන් ශ්‍රී ලාංකිකයෝ මහත් උද්දාමයට පත්ව සිටිති. එය 96 ලෝක කුසලානය තරමට වැදගත් කොට සිතන බවක් පෙනෙති.ඊට හේතුව අපි රටක් හැටියට පරාජය වී ඇති මොහොතක ඒ වේදනාබර මානසිකත්වයෙන් මිදෙන්නට ක්‍රිකට් රුකුලක් වී ඇති බැවින්ය.ඒ නිසා එයට සතුටු වෙන්නට හැකි උපරිම කාරණා අපි සොයමින් සිටිමු.අවුරුදු 30 ට පසුව ඕස්ට්‍රේලියාව තරගාවලියකින් පරාජය කිරීම යන අර්ධ සත්‍යයකි.එය ශ්‍රී ලංකාව තුළ දී ඕස්ට්‍රේලියාව තරගාවලියකින් පරාජය කිරීම ලෙස සංශෝධනය විය යුතුය.

ඕස්ට්‍රේලියාව 2010/2011 තරගාවලියේදි කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේදීම තරගාවලියක් පරාජය වීම අමතක වන්නේය.එහි තීරණාත්මක තරග ජයග්‍රහණය සඳහා නව වන කඩුල්ලට පිත්තෙන් අර්ධ ශතකයකින් දායක වූ ලසිත් මාලිංගගේ ඉණිම අපට අමතක නොවන එකකි.එසේම එහිදී ඇන්ජලෝ මැතිවිස් සමඟ ඔහු නවවන කඩුල්ලට එකතු කරන සබඳතාවයද අපට අමතක නැත.එහෙත් එහි තරගාවලි ජය අපට අමතක කර අවුරුදු තිහක කතාව කරළියට ගෙන ඒමට පුළුල් ඉඩක් හැදෙන හැටි නම් දේශපාලනිකය.

දශක තුනක කාලයක් ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාව පරාජය කරන්නට බැරි තරමේ විශාල යෝධයෙකි.එසේ වූ විට පසුගිය කාලයේ ආණ්ඩුවේ ක්‍රීඩාවේ සහ ක්‍රිකට් පාලනයේ බොහෝ වැරදි දැවන්ත වෙනසක් කළ ලෙසින් වසා ගන්නටත් හැකිය.ප්‍රමෝදය ප්‍රමෝදයට පත් කරන වැකි බොහෝ ලියවෙන්නේය.කෙතරම් චෝදනා ආවත් ඔහුව නොසෙල්ලූ ආන්ඩුව සහ ක්‍රිකට් ඒවා අතර යාන්තමට දිස්නය මතු කරන්නට අතුල්ලන්නෝ මතු වෙමින් ඇත.ප්‍රමෝදය දේශපාලනයට අදාළ නැති චරිතයක් ලෙස ඔහුගේ ව්‍යාපාර දැන හෝ නොදැන කියන පිරිස ආණ්ඩුව ක්‍රීඩාවේදී නිර්දේශපාලනිකව සිටිය බව පෙන්නන්නට උත්සාහ ගනිමින් ඇත.ඒ නිසා 2010 දී සංගාගේ නායකත්වයෙන් ඕස්ට්‍රේලියාවෙදීම ශ්‍රී ලංකාවට පරාජය වූ ඔස්ට්‍රේලියාව ගැන කතාව හැංගෙමින් වසර තිහක් පරාජය කරන්නට බැරි වූ රටක් නිවැරදි දැක්මක් සහිතව පරාජය කළ බව කියන්නට පිටිය සකසමින් ඇත.අවුරුදු 30 යුද්ධයේ සමස්තය ගිණුමට ඔබා ගත් අයුරු හැර වෙන කිසිවක් මෙයින් ගම්‍ය නොවන්නේය.

ප්‍රමෝදය තීරණය කළ ක්‍රිකට් වෙනස් වී ඇත.වෙනස් කරන්නට සිඳු විය.ඊට එම තීරණවලින් ආ පරාජය බලපෑම් ඇති කළේය.ඊට වඩා මෙහිදී වැදගත් කොට සැළකිය යුත්තේ මේ ඔප වැටී තිබෙන අලුත් දිස්නය ලැබුණේ කොහෙන්ද කියා සොයා ඊට උපහාර දැක්වීමටය.මැණික් පළුඳු ඉවත් කර වැඩි වටිනාකමක් මතුවන විදිහට ඔප දමා ගත හැකි විය යුතුය.කැපිමෙන් පසු ඔප දමා වැඩි වටිනාකමක් ගන්න බැරි මැණික් තෝරා ගත්තොත් ව්‍යාපාරය බංකොළොත්ය.එසේනම් මේ හරිම මැණික් ටික වසර ගණනක් තිස්සේ සොයා කැපීම පවා කර ජාතික තලයට ඔප දැමීම සඳහා තල්ලු කළෝ යොවුන් ක්‍රීඩකයින් තෝරන තේරීම් කමිටුවය.මේ ජයග්‍රහණවල නිසි අගය සහ ගෞරවය කවුරුත් කතා නොකරන ඔවුන්ට ද හිමි විය යුතුය.එසේම පාසල් මට්ටමෙන් මේ මැණික් සොයා ගන්නා පුහුණුකරුවන් සමාජයේ ආදරයට ගෞරවයට පාත්‍ර විය යුත්තෝය.වැඩිම වෙහෙස ඔවුන්ගේය.

රටක ක්‍රීඩාවේ පරාජයන් මෙන්ම ජයග්‍රහණද දේශපාලනිකය.ඒවා සම්බන්ධයෙන් ඕනෑ තරම් කියවීම් ඇත.ක්‍රිකට් ලෝලියෙකුනම් මේ වන විට 83 නම් වූ ඉන්දියානු ලෝක කුසලාන තරග ජයග්‍රහණය ගැන තැණුන චිත්‍රපටය නරඹා ඇතැයි විශ්වාස කරමු.ඉන්දියාව අවසාන පූර්ව වටයට පිවිසෙසන විට නවාබ්පුර්හී දේශපාලන සහ දේශ සීමා අර්බූද දැඩිව වර්ධනය වි තිබිණ.පහසුකම්වලීන් ඌණ සහ නිරන්තර ගැටුම් සහිත ඒ ප්‍රදේශයේ ජනතාවට ඉන්දියාවේ ජයග්‍රහණ ඒ ආකාරයෙන් ඉන්දියානුවෙක් ලෙස ආඩම්බරයෙන් වැළඳ ගන්නට බැරි සීමාවන් තිබිණ.ඒවා හෘදමය බැදීම්වල අඩුවක් නොවේය.භෞතිකමය වශයෙන් සාක්ෂාත් නොවුණු හිඟකම් ය.ඉන්දිය අගමැතිණිය ඉන්දිරා ගාන්ධි සිඳු කරන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි නවාබ්පුර් හී ජනතාවට ලෝක කුසලාන අවසාන පූර්ව තරගය සහ අවසාන තරගය නැරඹීමට පහසුකම් සැළසීමට නියෝග කිරිමය.එසේම ඇයට ක්‍රීඩාව ආගමකට වඩා ප්‍රබල ලෙස ජනතාවට බලපෑම් කළ හැකි බව කියන අමාත්‍යවරයාගේ මාවතේ පියවරක් තබමින් ක්‍රිකට් උන්මාදයක් ඇති කළ යුතු බව පවසන්නීය.සෙබළාගේ සහ සාමාන්‍ය පුරවරසියාගේ එදිරිවාදිකම සහ සැකය,බය ඈත් වී එකිනෙකා වැළඳ සිපගන්නා ආකාරය චිත්‍රපටයේ දී යම් අතිශෝක්තියකින් ගන්නට ඇත.එහෙත් එය බොරු නොවන සහ චිත්‍රපටයේ දකිනවාටත් වඩා පුළුල් ලෙස සිඳු වන්නට ද පුළුවන් එකකි.

අර්ධ සත්‍ය වූ “වසර 30 ට පසු ජයග්‍රහණය” යන්න එළියට එන්නෙත් එවැනි උන්මාදයක උල්පතක් හැටියට ය.එවිට ජයග්‍රහණයේ පරිමාව තරමටම සෙස්ස අමතක වීමේ උන්මාදයේ පරිමාව ද පුළුල් වන්නේය.ඕස්ට්‍රේලියාවට සුබ පතන්න කහ අදින්න තරමට ඔළු හැදෙන්නේ ඒ ආකාරයටය.(කහ ඇදීම ගැටළුවක් නොව,එය ඉන්දිරා කියූ උමතුවේ හැඩතලය.) ඒවා තටු ලැබුණාක් මෙන් සිතකින් සිතකට ඉඟිල්ලී යන්නේ අප රටක් හැටියට වැටි තිබෙන තැන නිසාය.ඩොලර් බිලියන අටක් හිස් කළ ආණ්ඩුවට ඇති විරෝධයට වඩා ඔස්ට්‍රේලියාව සංචාරයක් හරහා ගේන ඩොලර් ප්‍රමාණයට ආදරය දැනෙන්නේ සහ එය විශාල කොට රකින්නට අවශ්‍යය පහසුකම රකින්නේ ආණ්ඩුවට එරෙහි විරෝධය පුංචි කිරීමටය.එහි ඇති උවමනාව ද්වීතියක කාරණයක් කරන්නටය.
භාණ්ඩාගාරය හිස් කිරීමට එරෙහි වූ විරෝධතාකරුවන් කුදලාගෙන යාම ජනතාවගේ ප්‍රශ්නයක් නොවී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආදරය ප්‍රකාශ නොකිරීම ප්‍රශ්නයක් වී ඇති බව සමාජජාලා වෙබ් අඩවිවලින් ගම්‍ය වෙමින් තිබේ.ක්‍රීඩාව යනු රටක දේශපාලනය නොවන බව විශ්වාස නොකරන අයෙකුට 83 රූප රාමු දෙක තුනක ඇති කතා බහ තේරුම් ගැනීම අපහසු නැත.ක්‍රීඩාව මිනිස්සුන්ගේ ආස්වාදය ය.එය විඳින හැටි සහ දැනෙන හැටි තීරණය කිරීමට දේශපාලනයට ඇති හැකියාව වටහා ගන්නා මොහොතක වඩා හොඳ දේශපාලනයක් සහ වඩා හොඳ ක්‍රීඩාවක් අපට ලැබෙනු ඇත.එතෙක් තිස් වසරකට පස්සෙ කියන්නෙ ඉතිං මාරයිනෙ කියන අයට විශාල කර තිබෙන ජයග්‍රහණයෙන් ඔස්ට්‍රේලියාවට ගිහිං ලබා ගෙන ආ ජයග්‍රහණ මෙන්ම ලංකාවේදීම ඔස්ට්‍රේලියාව පරාජය කර එක රටකට වඩා වැඩි රටවල් ගණනක් සහභාගි වූ තරගාවලි ශ්‍රී ලංකාව ජය ගත් බවද අමතක කරමින් ඇත.මේ ඉතිහාසය අමතක වන්නට පාර කැපීමම විනාශකාරී දේශපාලනයක පැවත්මට අදාළ එකකි.

ඉදිරියේ දී මේ සමාජ දේශපාලන සංදර්භය හමුවේ 83 චිත්‍රපටයක් වී 96 චිත්‍රපටයක් නොවීම ගැන ද කතා කරන්නට හැකි වෙනු ඇත.එතෙක් වසර 30 පසුව ඕසට්‍රේලියාවට එරෙහිව ලැබූ තරගාවලි ජයක් යන්න අර්ධ වශයෙන් සත්‍යයක් මිසක් සම්පූර්ණ සත්‍යයක් නොවන බවත්,ජයග්‍රහණය විශාල කොට පෙන්වා එ සමඟ උණ්මාදයෙන් ජනතාව බැඳ තැබීම මේ මොහොතේ ආන්ඩුවට විරෝධි හඬ යටපත් කිරීමට සහ අවම කිරිමට හොඳ උපක්‍රමයක් බවත් කියවාගත යුත්තේ ඔබේ දේශපාලනය හරහා ය.

වසර 30 ට පසු ක්‍රිකට් ජයග්‍රහණයේ අර්ධ සත්‍යය සහ සත්‍ය

ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලිය ජය ගැනීමෙන් ශ්‍රී ලාංකිකයෝ මහත් උද්දාමයට පත්ව සිටිති.එය 96 ලෝක කුසලානය තරමට වැදගත් කොට සිතන බවක් පෙනෙති.ඊට හේතුව අපි රටක් හැටියට පරාජය වී ඇති මොහොතක ඒ වේදනාබර මානසිකත්වයෙන් මිදෙන්නට ක්‍රිකට් රුකුලක් වී ඇති බැවින්ය.ඒ නිසා එයට සතුටු වෙන්නට හැකි උපරිම කාරණා අපි සොයමින් සිටිමු.අවුරුදු 30 ට පසුව ඕස්ට්‍රේලියාව තරගාවලියකින් පරාජය කිරීම යන අර්ධ සත්‍යයකි.එය ශ්‍රී ලංකාව තුළ දී ඕස්ට්‍රේලියාව තරගාවලියකින් පරාජය කිරීම ලෙස සංශෝධනය විය යුතුය.

ඕස්ට්‍රේලියාව 2010/2011 තරගාවලියේදි කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේදීම තරගාවලියක් පරාජය වීම අමතක වන්නේය.එහි තීරණාත්මක තරග ජයග්‍රහණය සඳහා නව වන කඩුල්ලට පිත්තෙන් අර්ධ ශතකයකින් දායක වූ ලසිත් මාලිංගගේ ඉණිම අපට අමතක නොවන එකකි.එසේම එහිදී ඇන්ජලෝ මැතිවිස් සමඟ ඔහු නවවන කඩුල්ලට එකතු කරන සබඳතාවයද අපට අමතක නැත.එහෙත් එහි තරගාවලි ජය අපට අමතක කර අවුරුදු තිහක කතාව කරළියට ගෙන ඒමට පුළුල් ඉඩක් හැදෙන හැටි නම් දේශපාලනිකය.

දශක තුනක කාලයක් ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාව පරාජය කරන්නට බැරි තරමේ විශාල යෝධයෙකි.එසේ වූ විට පසුගිය කාලයේ ආණ්ඩුවේ ක්‍රීඩාවේ සහ ක්‍රිකට් පාලනයේ බොහෝ වැරදි දැවන්ත වෙනසක් කළ ලෙසින් වසා ගන්නටත් හැකිය.ප්‍රමෝදය ප්‍රමෝදයට පත් කරන වැකි බොහෝ ලියවෙන්නේය.කෙතරම් චෝදනා ආවත් ඔහුව නොසෙල්ලූ ආන්ඩුව සහ ක්‍රිකට් ඒවා අතර යාන්තමට දිස්නය මතු කරන්නට අතුල්ලන්නෝ මතු වෙමින් ඇත.ප්‍රමෝදය දේශපාලනයට අදාළ නැති චරිතයක් ලෙස ඔහුගේ ව්‍යාපාර දැන හෝ නොදැන කියන පිරිස ආණ්ඩුව ක්‍රීඩාවේදී නිර්දේශපාලනිකව සිටිය බව පෙන්නන්නට උත්සාහ ගනිමින් ඇත.ඒ නිසා 2010 දී සංගාගේ නායකත්වයෙන් ඕස්ට්‍රේලියාවෙදීම ශ්‍රී ලංකාවට පරාජය වූ ඔස්ට්‍රේලියාව ගැන කතාව හැංගෙමින් වසර තිහක් පරාජය කරන්නට බැරි වූ රටක් නිවැරදි දැක්මක් සහිතව පරාජය කළ බව කියන්නට පිටිය සකසමින් ඇත.අවුරුදු 30 යුද්ධයේ සමස්තය ගිණුමට ඔබා ගත් අයුරු හැර වෙන කිසිවක් මෙයින් ගම්‍ය නොවන්නේය.

ප්‍රමෝදය තීරණය කළ ක්‍රිකට් වෙනස් වී ඇත.වෙනස් කරන්නට සිඳු විය.ඊට එම තීරණවලින් ආ පරාජය බලපෑම් ඇති කළේය.ඊට වඩා මෙහිදී වැදගත් කොට සැළකිය යුත්තේ මේ ඔප වැටී තිබෙන අලුත් දිස්නය ලැබුණේ කොහෙන්ද කියා සොයා ඊට උපහාර දැක්වීමටය.මැණික් පළුඳු ඉවත් කර වැඩි වටිනාකමක් මතුවන විදිහට ඔප දමා ගත හැකි විය යුතුය.කැපිමෙන් පසු ඔප දමා වැඩි වටිනාකමක් ගන්න බැරි මැණික් තෝරා ගත්තොත් ව්‍යාපාරය බංකොළොත්ය.එසේනම් මේ හරිම මැණික් ටික වසර ගණනක් තිස්සේ සොයා කැපීම පවා කර ජාතික තලයට ඔප දැමීම සඳහා තල්ලු කළෝ යොවුන් ක්‍රීඩකයින් තෝරන තේරීම් කමිටුවය.මේ ජයග්‍රහණවල නිසි අගය සහ ගෞරවය කවුරුත් කතා නොකරන ඔවුන්ට ද හිමි විය යුතුය.එසේම පාසල් මට්ටමෙන් මේ මැණික් සොයා ගන්නා පුහුණුකරුවන් සමාජයේ ආදරයට ගෞරවයට පාත්‍ර විය යුත්තෝය.වැඩිම වෙහෙස ඔවුන්ගේය.

රටක ක්‍රීඩාවේ පරාජයන් මෙන්ම ජයග්‍රහණද දේශපාලනිකය.ඒවා සම්බන්ධයෙන් ඕනෑ තරම් කියවීම් ඇත.ක්‍රිකට් ලෝලියෙකුනම් මේ වන විට 83 නම් වූ ඉන්දියානු ලෝක කුසලාන තරග ජයග්‍රහණය ගැන තැණුන චිත්‍රපටය නරඹා ඇතැයි විශ්වාස කරමු.ඉන්දියාව අවසාන පූර්ව වටයට පිවිසෙසන විට නවාබ්පුර්හී දේශපාලන සහ දේශ සීමා අර්බූද දැඩිව වර්ධනය වි තිබිණ.පහසුකම්වලීන් ඌණ සහ නිරන්තර ගැටුම් සහිත ඒ ප්‍රදේශයේ ජනතාවට ඉන්දියාවේ ජයග්‍රහණ ඒ ආකාරයෙන් ඉන්දියානුවෙක් ලෙස ආඩම්බරයෙන් වැළඳ ගන්නට බැරි සීමාවන් තිබිණ.ඒවා හෘදමය බැදීම්වල අඩුවක් නොවේය.භෞතිකමය වශයෙන් සාක්ෂාත් නොවුණු හිඟකම් ය.ඉන්දිය අගමැතිණිය ඉන්දිරා ගාන්ධි සිඳු කරන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි නවාබ්පුර් හී ජනතාවට ලෝක කුසලාන අවසාන පූර්ව තරගය සහ අවසාන තරගය නැරඹීමට පහසුකම් සැළසීමට නියෝග කිරිමය.එසේම ඇයට ක්‍රීඩාව ආගමකට වඩා ප්‍රබල ලෙස ජනතාවට බලපෑම් කළ හැකි බව කියන අමාත්‍යවරයාගේ මාවතේ පියවරක් තබමින් ක්‍රිකට් උන්මාදයක් ඇති කළ යුතු බව පවසන්නීය.සෙබළාගේ සහ සාමාන්‍ය පුරවරසියාගේ එදිරිවාදිකම සහ සැකය,බය ඈත් වී එකිනෙකා වැළඳ සිපගන්නා ආකාරය චිත්‍රපටයේ දී යම් අතිශෝක්තියකින් ගන්නට ඇත.එහෙත් එය බොරු නොවන සහ චිත්‍රපටයේ දකිනවාටත් වඩා පුළුල් ලෙස සිඳු වන්නට ද පුළුවන් එකකි.

අර්ධ සත්‍ය වූ “වසර 30 ට පසු ජයග්‍රහණය” යන්න එළියට එන්නෙත් එවැනි උන්මාදයක උල්පතක් හැටියට ය.එවිට ජයග්‍රහණයේ පරිමාව තරමටම සෙස්ස අමතක වීමේ උන්මාදයේ පරිමාව ද පුළුල් වන්නේය.ඕස්ට්‍රේලියාවට සුබ පතන්න කහ අදින්න තරමට ඔළු හැදෙන්නේ ඒ ආකාරයටය.(කහ ඇදීම ගැටළුවක් නොව,එය ඉන්දිරා කියූ උමතුවේ හැඩතලය.) ඒවා තටු ලැබුණාක් මෙන් සිතකින් සිතකට ඉඟිල්ලී යන්නේ අප රටක් හැටියට වැටි තිබෙන තැන නිසාය.ඩොලර් බිලියන අටක් හිස් කළ ආණ්ඩුවට ඇති විරෝධයට වඩා ඔස්ට්‍රේලියාව සංචාරයක් හරහා ගේන ඩොලර් ප්‍රමාණයට ආදරය දැනෙන්නේ සහ එය විශාල කොට රකින්නට අවශ්‍යය පහසුකම රකින්නේ ආණ්ඩුවට එරෙහි විරෝධය පුංචි කිරීමටය.එහි ඇති උවමනාව ද්වීතියක කාරණයක් කරන්නටය.
භාණ්ඩාගාරය හිස් කිරීමට එරෙහි වූ විරෝධතාකරුවන් කුදලාගෙන යාම ජනතාවගේ ප්‍රශ්නයක් නොවී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආදරය ප්‍රකාශ නොකිරීම ප්‍රශ්නයක් වී ඇති බව සමාජජාලා වෙබ් අඩවිවලින් ගම්‍ය වෙමින් තිබේ.ක්‍රීඩාව යනු රටක දේශපාලනය නොවන බව විශ්වාස නොකරන අයෙකුට 83 රූප රාමු දෙක තුනක ඇති කතා බහ තේරුම් ගැනීම අපහසු නැත.ක්‍රීඩාව මිනිස්සුන්ගේ ආස්වාදය ය.එය විඳින හැටි සහ දැනෙන හැටි තීරණය කිරීමට දේශපාලනයට ඇති හැකියාව වටහා ගන්නා මොහොතක වඩා හොඳ දේශපාලනයක් සහ වඩා හොඳ ක්‍රීඩාවක් අපට ලැබෙනු ඇත.එතෙක් තිස් වසරකට පස්සෙ කියන්නෙ ඉතිං මාරයිනෙ කියන අයට විශාල කර තිබෙන ජයග්‍රහණයෙන් ඔස්ට්‍රේලියාවට ගිහිං ලබා ගෙන ආ ජයග්‍රහණ මෙන්ම ලංකාවේදීම ඔස්ට්‍රේලියාව පරාජය කර එක රටකට වඩා වැඩි රටවල් ගණනක් සහභාගි වූ තරගාවලි ශ්‍රී ලංකාව ජය ගත් බවද අමතක කරමින් ඇත.මේ ඉතිහාසය අමතක වන්නට පාර කැපීමම විනාශකාරී දේශපාලනයක පැවත්මට අදාළ එකකි.

ඉදිරියේ දී මේ සමාජ දේශපාලන සංදර්භය හමුවේ 83 චිත්‍රපටයක් වී 96 චිත්‍රපටයක් නොවීම ගැන ද කතා කරන්නට හැකි වෙනු ඇත.එතෙක් වසර 30 පසුව ඕසට්‍රේලියාවට එරෙහිව ලැබූ තරගාවලි ජයක් යන්න අර්ධ වශයෙන් සත්‍යයක් මිසක් සම්පූර්ණ සත්‍යයක් නොවන බවත්,ජයග්‍රහණය විශාල කොට පෙන්වා එ සමඟ උණ්මාදයෙන් ජනතාව බැඳ තැබීම මේ මොහොතේ ආන්ඩුවට විරෝධි හඬ යටපත් කිරීමට සහ අවම කිරිමට හොඳ උපක්‍රමයක් බවත් කියවාගත යුත්තේ ඔබේ දේශපාලනය හරහා ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan