ඉරානයේ සාමය වෙනුවෙන් ගන්නා වූ සියලු උත්සාහයන්ට චීනයේ සහාය!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් Ghadir Nezamipour මහතා හමු වී තිබෙනවා.

ඒ ඊයේ (22) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී.

පාකිස්ථානයේ සහ කටාර් රාජ්‍යයේ සහාය ඇතිව ඉරානය සහ ඇමරිකාව අතර අවබෝධතා ගිවිසුමෙන් අනතුරුව සාකච්ඡා පැවැත්වීම සහ මීළඟ සාකච්ඡා යාන්ත්‍රණය පිළිබඳ එකඟතාවයට පැමිණීම චීනය පිළිගන්නා බව Wang Yi මහතා ප්‍රකාශ කළා.

ඉරානයේ පුළුල් උපායමාර්ගික හවුල්කාරී රටක් ලෙස චීනය, සාමය වෙනුවෙන් ගන්නා වූ සියලු උත්සාහයන්ට මෙන්ම ඉරානයේ ස්වෛරීභාවය,ආරක්ෂාව සහ ජාතික ගෞරවය ආරක්ෂා කිරීමට ද සහාය දෙන බවත් ඔහු පැවසුවා. එමෙන්ම චීනය තම ක්‍රමවේදයට අනුව ආධාර සැපයීම අඛණ්ඩව සිදුකරගෙන යාමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළා.

සාමය ප්‍රවර්ධනය කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට චීනය දරන අඛණ්ඩ උත්සාහයන් වෙනුවෙන් Nezamipour මහතා මෙහිදී සිය හෘදයාංගම කෘතඥතාව පළ කර තිබෙනවා.

මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ කරුණු හතරකින් යුත් යෝජනාව ඔහු බෙහෙවින් අගය කළා.

ඉරානය සහ ඇමරිකාව අතර අවබෝධතා ගිවිසුමේ පළමු අදියර ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට චීනය සහාය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, ඉරානය එකම චීනය යන මූලධර්මය දැඩිව පිළිපදින බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...