ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:ජුලි මස 01 දා සිට ක්රියාත්මක වීමට තිබූ එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ අයවැය යෝජනාව ක්රියාත්මක නොවන බව ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
අයවැය යෝජනාව තුළ පිරිවැටුම් අඩු කර තිබුනද බලාපොරොත්තු නොවූ ආකාරයට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කුඩා ව්යාපාර ඇතුළු බොහෝ දෙනා විපතට පත්වීම හමුවේ ඊට රජය සැලසු සහන යටතේ එම ව්යාපර නැවත නැගී සිටිමින් තිබෙන අවස්ථාවක ඇතිවූ මැදපෙරදිග යුදමය තත්ත්වයත් හේතුවෙන් එයිනුත් බලපෑමක් ඇති වූ බවයි නියෝජ්ය අමාත්යවරයා පැවසුවේ.
ඒ අනුව පවතින තත්ත්වය පිළිබඳ සලකා බලා වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමේ යෝජනාව මේ අවස්ථාවේ ඉවත් කර ගැනීමට ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය තීරණයක් ගත බව නියෝජ්ය අමාත්යවරයා සභාවට දැනුම් දෙන ලදී.
ඒ අනුව VAT සහ SSCL සඳහා දැනට පවතින රුපියල් මිලියන 60ක වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් බලපැවැත්වෙනු ඇත.


