Titan ඔබට සුභ ගමන්!

Date:

අත්ලාන්තික් සාගර පතුළෙහි පිහිටි ටයිටැනික් නෞකාවේ විනාශයට පත් සුන්බුන් සොයා ගිය Titan හි අවසානය පිළිබඳ ශෝකාන්ත පුවත මීට සුළු මොහොතකට පෙර නිශ්චිතවම තහවුරු විය.

එය හදිසියේ සිදුවූ හදිසි පිපිරීමක් (implosion) බව පැවසීය.

ටයිටැනික් නෞකාව ගවේෂණය කරමින් සිටි OceanGate මව් සමාගමට අයත් සබ්මැරීනය පසුගිය ඉරිදා(18)දින අතුරුදන් වීමත් සමඟ මේ දක්වා සෝදිසි මෙහෙයුම් සිදු කෙරිණි.

පස් දෙනෙකුගෙන් සමන්විතව ගමන් ගත් මෙම සබ්මැරීනය මේ වන විට විනාශයට පත් ව එහි සිටි අයවලුන් ද විනාශයට පත්ව ඇති බවට වාර්තා වේ.

පකිස්ථාන්-ඇමෙරිකානු ව්‍යාපාරික Shahzada Dawood සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන්, බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති Hamish Harding, Paul-Henri Gargeolet, 77 හැවිරිදි ප්‍රංශ ගවේෂකයෙකු සහ එක්සත් ජනපදය පදනම් කරගත් OceanGate Expeditions හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Stockton Rush එහි සිටි අයවලුන් වේ.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටත දැන් තත්ත්වය! (PHOTOS)

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට...

හිටපු ජනපති රනිල් සිරගත කෙරුණේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

හිටපු ජනපති රනිල් සිරබත් කන්නේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

සෑම සුනඛයෙකුටම තමන්ගේම දිනයක් ඇත – ඒ අදයි! සුභ ජාත්‍යන්තර සුනඛ දිනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ගේට්ටුව ඉදිරිපිටට වී වලිගය...