වාම දේශපාලනය තුල පංකජයෝ නොවෙති !

Date:

මඩේ උපන් නෙළුම මඩට සම්බන්ද නැත.එහි මඩ තැවරී නැත.එබැවින් එය පංකජ නම් වෙයි..එය සාහිත්‍ය ලෝකයට අදාල ප්‍රබන්දයකි..නමුත් මජර සමාජයේ උපන් කැරළිකරුවා හෝ අරගල කරුවා මජර සමාජයට අන්තර් සම්බන්ද නැතැයි කිව නොහැකිය.

මන්ද ඔහූ හැදී වැඩුන තාමත් ජීවත්වන ඔහුගේ අධ්‍යාත්මය තුල මජර සමාජයේ බොහෝ දැ පැවතීම අනිවාර්ය සහ සාමාන්‍ය තත්වයකි…කැරළිකරුවන්ට පමණක් නොව දේශපාලන ව්‍යාපාර වලටද මෙකී සන්ධර්බය ඉඳුරාම අදාලවේ.

ඒ අනුව රට නිවැරදි කිරීමේ අරමුණෙන් බිහිවූ බොහෝ වාම බලවේග ඕවඩොස් දේශප්‍රේමය “මවු බිම බේරාගැනීම වෙනුවෙන් පොලොවේ පස් කෑමට යෑම” “ජාතිකවාදය” පමණක් නොව ඇතැම්විට අමුම අමු ජාතිවාදයද සියොළඟම තවරාගෙන බිහිවූ බව අසත්‍යයක් නොවේ.

මේ ව්‍යාපාර තුල පවතින අතීත, වර්තමාන, අනාගත සර්වකාලීන අර්බූදය නම් කවුරු කාගෙන් ගලවාගන්නේ දැයි සියල්ල පැටලී තිබීමය.

ගනුදෙනු කරන්නේ ගමේ බලවේග සමඟ නම් ගමේ තිබුන බෙලි කැපිලි, කට කැපිලි, ගස් බැඳිලි ව්‍යාපාරය සමඟ සහවාසයට පැමිණීම සාමාන්‍ය තත්වයකි..අසූ නමයේදී සිදුවූයේ එයයි..ලංකාවේ විතරක් නෙමේ කාම්බෝජයේ පොල්පොට් ගත්තත් ඔහුගේ නොදන්නා සාධරන සමාජය අවසන් උනේ ගැමි ඉතිහාස ම්ලේච්ඡත්වයකට සියල්ල ඇදීගොස් ජීවිත දහස්ගානක් බිලි අරන්.

ඊළඟට උතුරේ යුද්ධය සම්බන්දව ගත්තත් වාමාංශිකයන් බහුතර ජාතිවාදී ජනමනස සමඟ කරපු දේශපාලනය කෙලවර උනේ දෙමළ ජනතාවට බර අවිවලින් ගහන්ට පාර හදලා දීලා..සහ උතුර මිනීකනත්තක් වෙද්දි මෙහෙ කිරිබත් කන ගෝත්‍රකත්වයකට මහා සමාජය ඇදගෙන ඇවිල්ලා.

නලින් හේවගේ සහෝදරයා කල ප්‍රකාශයක් අල්ලගෙන හැමෝම ඔහුව වටකර තඩිගැහුවට ඇත්තටම ඒක තේරුමක් ඇති වැඩක් නෙමේ..කරන්ට තියෙන්නෙ මේ හැම දෙයක්ම මේ ගෝත්‍ර කැඳ හැලියේම නිර්මාණ මිසක් විකල්ප මේක ඇතුලේ නැතිබව තේරුම් ගැනීම සහ එහෙම විකල්පයක් මේක ඇතුලේ හැදෙන්ට විදියක් නැතිබව අවබෝධ කරගැනීම.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...