*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ආණ්ඩුව නාට්‍ය කලාවට කළ එකම වැඩෙත් හකුලා ගනියි.

සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් පවත්වන රාජ්‍ය නාට්‍ය උළෙල සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මෙවර නොපැවැත්වීමට ඇති ඉඩ වැඩි බව සංස්කෘතික දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි. රාජ්‍ය ළමා නාට්‍ය උළෙල පැවැත්වීම සඳහා ප්‍රතිපාදන නොමැති හෙයින් මේ වන විටත් එම උළෙල අත්හැර දැමීමට තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව විවිධ අඩුපාඩු මධ්‍යයේ වුවද රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කිරීම,නාට්‍යකරුවන්ට නිර්මාණ කිරීම සඳහා විශාල පෙළඹවීමක් ඇති කළ බව නොරහසකි. ඒ අතරින් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල යනු රජය මගින් දරුවන්ගේ රසවින්දනය උදෙසා සහ ඔවුන්ගේ කලා කුසලතාවයන් ඉහළ නැංවීම සඳහා. ක්‍රියාත්මක කරන ලද විශාලතම ප්‍රායෝගික වැඩපිළිවෙළයි.

නමුත් මේ මොහොතේ ප්‍රතිපාදන නොමැති කමින් එම උළෙලවල් දෙකම අවලංගු කිරීම සඳහා සංස්කෘතික ඇමතිවරයා සහ එම අමාත්‍යාංශය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් තීරණයකට එළඹීම සඳහා ක්‍රියා කරගෙන යන බව දැනගන්නට ඇත.එම නාට්‍ය උළෙලවල් දෙක නවතා,ජාතික වශයෙන් ඇගයීම් ලැබෙන්නට උළෙලවල් කිහිපයක් ම ක්‍රියාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ වෙනුවෙන් පවත්වනු ලබන රාජ්‍ය ටෙලි නාට්‍ය උළෙල පැවැත්වීම සඳහා උත්සාහ කරමින් සිටින බව ද දැන ගන්නට ඇත.

ටෙලි නාට්‍ය සහ නාට්‍යය මාධ්‍ය දෙක ගත් වි⁣ට,ජාතික මට්ටමෙන් අඩු අවස්ථා ගණනාවකදී ඇගයීමට ලක්වෙන්නේ වේදිකා නාට්‍ය කලාව වුවද,සංස්කෘතික අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව නාට්‍ය ඇගයීම පසෙක දා,සුමති,රයිගම් වැනි ජාතික මට්ටමෙන් ටෙලි නිර්මාණ ඇගයෙන අවස්ථා තිබියදී රාජ්‍ය ටෙලි නාට්‍ය උළෙල පැවත්වීමට ප්‍රමුඛතාව දෙන්නට අමාත්‍යවරයා සමඟ එකඟ වී ඇති බව දැන ගන්නට ඇත.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ විවිධ වගකීම් දරන්නන් වශයෙන් කටයුතු කරන වේදිකා නාට්‍යකරුවන් ද,මේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිඳු විරෝධයක් දක්වා නැති බවද දැන ගන්නට ඇත.ආණ්ඩුව රට වෙනස් වී ඇති බව පවසන්නේ පෝලිම් නැති වීම,ඉන්ධන සහ ගෑස් මිල සුලු වශයෙන් අඩුවීමට පමණක් ද සැකය මතුවන අතර රටේ ජනතාවගේ වින්දනය සහ කුසලතා ඇගයීමට රාජ්‍ය මට්ටමෙන් කරන ලද මෙවැනි වැඩ සටහන්වලින් ඈත් වෙමින් පෙන්වන්නේ අසාර්ථකභාවය ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan