දේශගුණික විපර්යාස මානසික සෞඛ්‍යයට ද බලපෑමක් ඇති කරන බවට සාක්ෂි!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූනි 24, (LNW) කොළඹ:
තාප තරංග සහ ආන්තික කාලගුණය අපගේ භෞතික ජීවිතයට පමණක් බලපාන්නේ නැත, ඒවා අපගේ මානසික සෞඛ්‍යයට ද බලපාන අතර එක්සත් රාජධානියේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය ද ඊට කදිම නිදසුනකි.

වායු දූෂණය සහ මානසික සෞඛ්‍යය යනාදිය දේශගුණික විපර්යාස සහ උෂ්ණත්වය ඉහළ යාම වාතයේ පවතින අසාත්මිකතා සහ දූෂක මට්ටම් වැඩි කරන බව පෙන්වා දී ඇති අතර එය වාතයේ ගුණාත්මක භාවය නරක අතට හැරවීමට හේතු වේ.

නැගී එන සාක්ෂිවලින් පෙනී යන්නේ දුර්වල වාතයේ ගුණාත්මක භාවය මානසික සෞඛ්‍යයට, විශේෂයෙන් මානසික අවපීඩනය සහ කාංසාව කෙරෙහි අහිතකර ලෙස බලපාන බවයි.

දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 (F86F) දක්වා ළඟා වන බැවින්, මෙම සතියේ එංගලන්තයේ ද බොහෝ ප්‍රදේශවල කහ තාප සෞඛ්‍ය ඇඟවීම් ක්‍රියාත්මක වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ (UKHSA) අනතුරු ඇඟවීම් සඳුදා සිට බලාත්මක වන අතර බ්‍රහස්පතින්දා පස්වරුව දක්වා කලාප අටක් තුළ මෙය බලාත්මක වේ.

කහ අනතුරු ඇඟවීමක් පෙන්නුම් කරන්නේ කාලගුණික තත්ත්වයන් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි අයට පෙර දැනුම් දීමක් වශයෙනි.

මෙවැනි පාරසරික වෙනස්වීම් හේතුවෙන් මේ දිනවල එරට ජනයා ද මහත් පීඩනයකින් පසුවන බව පෙනී යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...