සටහන – පුන්සරා ලියනගේ
ජූනි 24, (LNW) කොළඹ: Netflix හි “ද ක්‍රවුන්” නම් කතාංගය රජ පවුල සහ රැජින නිරූපණය කරමින් නිමවූ නිර්මාණයකි. එහි තරුණ කැතරින් මිඩ්ල්ටන් ලෙස රඟපෑමෙන් දායකත්වය ලබා දුන්නේ මෙග් බෙලමි ය.
ඇය ඉකුත් දිනයක පවසා තිබුනේ ඇය එම චරිතය සඳහා “තරබාරු වැඩි” බව අන්තර්ජාලය තුළින් විවිධ මත ඇති වී තිබූ බවයි.
21 හැවිරිදි මැය, ශාන්ත ඇන්ඩෘස් විශ්ව විද්‍යාලයේ විලියම් සහ කේට්ගේ හෙවත් දැන් වේල්ස් කුමරු සහ කුමරියගේ පෙම් සබඳතාව නිරූපණය කරන කොටසෙහි අවසාන වාරයේ රඟපෑවාය.
මේල් ඔන් සන්ඩේ යූ සඟරාවට අදහස් දක්වමින් බෙලමි පැවසුවේ දිගු දිනක් පුවත්පත් සම්මුඛ සාකච්ඡා කිරීමෙන් පසු ඇගේ දුරකථනය දෙස බැලූ විට, ඇගේ ශරීරය පිළිබඳ “මේ සියල්ල සෘණාත්මක දේවල්” අන්තර්ජාලය පුරා දාකගත හැකි වූ බවයි.
ඇයට පමණක් නොව ඕනෑම අයෙකුට මානසික වධයක් වන මෙවැනි බොඩි ශේමින්ග් අදහස් දැක්වීමනම් අනුමත කල නොහැකි ය.