යුක්තිය මෙහෙයුමෙන් කළේ බොරුවක්ද? – මාස 05ට පොලීසිය හොයාගෙන තිබෙන අයිස් සහ හෙරොයින් තොගය!

Date:

කොළඹ LNW:පසුගිය මාස 05ක කාලය තුළ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ මෙහෙයුම්වලට අදාළව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කරගැනීමට හැකිව තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පෙර කාලවලදී මෙන් මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රදර්ශනාත්මකව හෝ දේශපාලන කටයුත්තක් ලෙස සිදුනොවුවද දෛනිකව එම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැලැක්වීම සඳහා රජයක් ලෙස ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර පොලිස් දෙපාර්තමේන්තුව ඒ සඳහා මැදිහත්ව සිටින බව ද අමාත්‍යවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...