ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: විපක්ෂය විසින් සෙංකෝලය උස්සන් ගියා පමණක් නොව එය ගිල්ලද වර්තමානයේ අධිකරණ පද්ධතිය තුළ නඩු අහන වේගය අඩු නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර පවසයි.
විපක්ෂය උත්සහ කරමින් සිටින්නේ නීතියේ විධානය ආධිපත්ය ආරක්ෂා කරගැනීමට නොව ඔවුන්ට ඇත්තේ විභාග වන නඩු සම්බන්ධයෙන් බියක් බවයි අමාත්යවරයා සඳහන් කරන්නේ.
”මෙතන වෙන්නේ මොකුත් නෙවෙයි ඉස්සර කාලේ නැති විදිහට දැන් විමර්ශන වේගවත් වෙලා තිබෙනවා. ගිය වසරට වඩා වේගයෙන් නඩු අහන එක වැඩිවෙලා තියෙනවා. නඩු තීන්දු මොනවද කියන එකත් ජනතාව දන්නවා. ඊට වඩා හොඳට ඒ අයත් දන්නවා. දැන් මේ බයෙන් භීතියෙන් සලිත වෙලා කෑගහන්නේ නීතියේ විධානය ආධිපත්ය ආරක්ෂා කරන්න නෙවෙයි පුළුවන් නම් මේවා නවත්වගන්න. කරන්න පුළුවන් හැම මඩ අවලාදම කරලා, අපි දැක්කා පාර්ලිමේන්තුව තුළ. වසර ගාණක් වෙනස් වෙන්නේ නැති මේ පාදඩ සංස්කෘතිය මේ විපක්ෂය දැනටත් නියෝජනය කරනවා. අද සෙංකෝලය උස්සගෙන දුවන්න හදනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි, සෙංකෝලය උස්සගෙන ගියා නෙවෙයි සෙංකෝලය ඔයගොල්ලෝ ගිල්ලත් නඩු අහන වේගය අඩු වෙන්නෙත් නෑ. තීන්දු දෙන වේගය අඩු වෙන්නෙත් නෑ. දෙවනුව ඒගොල්ලෝ කියන කාරණය නඩුකාරතුමන්ලාගේ විශ්රාම වයස දීර්ඝ කරන්න සාකච්ජාවක් තිබෙනවා. එහෙම සාකච්ජාවක් තිබෙනවා නැතුව නෙවෙයි. ඒකට විරුද්ධ වෙන කරුණුත් තිබෙනවා. එහෙම නම් ප්රජාතන්ත්රවාදිව ආණ්ඩු කරන රජයක වගකීම වෙන්න ඕනේ මොකක්ද? මේ සියලුම දේවල්වලට සවන් දීලා වඩාත් සුදුසු තීන්දුව ගන්න එක. ඒ දේ අපි කරනවා. ඒ වගේම මහජනතාව අපිට දීලා තියෙනවා වරමක්. අන්න ඒ වරමට තමයි අපි නිතරම ගරු කරන්නේ. ඒ නිසා ඔවුන් මේ දක්වන්නා වූ කරුණු හුදෙක් මනංකල්පිත ලෝකවල ඉදගෙන නඩුවලට තියෙන බයට කියන විකාර දෙඩවිලි මිසක් පදනමක් නැහැ.” යනුවෙන් අමාත්යවරයා පැහැදිලි කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.


