ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීමට යයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලබන ජුලි මස සිට ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ආරම්භ කිරීමට නියමිතව තිබේ. 

පළමුව තේ අපනයන කරනු ලබන්නේ ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් වන ගෙවීම් පියවීමට වන අතර , එම ගිවිසුමට අනුව මසකට අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස 48ක් පුරා ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර ඇත.

බාටර් ට්‍රේඩ් නැත්නම් භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ ඉරානයට අපනයනය කරන මෙම තේ සඳහා ඛනිජ තෙල් සංස්ථාව ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ට ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් සිදුකිරීමට නියමිත බව සඳහන් .

එමෙන්ම ඉරාන තේ ආනයනකරුවන් ඉරාන ජාතික තෙල් සමාගම සඳහා රියාල් මගින් අදාළ ගෙවීම් කරනු ඇති බවයි  වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 05, කොළඹ (LNW): විනයගරුක සහ ප්‍රවේශම් සහගත...

ලංකාවේ දී ම ලංකාවට දිනන්න ඉඩක්

  නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...

අදම තරගාවලියේ තීරණය ගන්නත් පුළුවන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: තරග පහකින් සමන්විත මැලේසියාව සහ...

කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි...