තවත් හෙලිදරව්වක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී  අනාවරණය කරන ආකාරයට 2019 වසරේදී රුපියල් බිලියන තුනකට අධික මුදලක් වැයකර අධ්‍යාපන අමාත්‍යංශය විසින් මිලදී ගනු ලැබූ ටැබ් පරිගණක හා ආරෝපණ රාක්ක ඵලදායි අයුරින් භාවිතයට ගෙන නොමැති බවයි .

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට ඊයේ (23) කැඳවූ අවස්ථාවේදී එය හෙලිවී ඇත.

එහිදී  අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා,

“බිලියන 3.4ක් වියදම් කරලා ටැබ් පරිගණක 96,919ක්. ආරෝපිත රාක්ක 2,639ක් මිලදී ගත්තා. 6 – 11 ශ්‍රේණිවලට බෙදා දුන්නා. නමුත් මිලදී ගත්තේ උසස් පෙළ පංතිවල සිසුන්ට. තවත් ටැබ් 3,892ක් රජයේ ආයතන තුනකට දුන්නා. වියදම් කරපු රුපියල් බිලියන 3ම නිශ්කාර්ය වියදමක්.”

තොරතුරු හා සන්නිවේදන අධ්‍යාපන අධ්‍යක්ෂිකා  වාසනා එදිරිසූරිය මහත්මිය අදහස් දක්වමින්

“උ/පෙළ සිසුන්ට තමයි මුළින්ම ටැබ් දෙන්න යෝජනා වුණේ. පසුකාලීනව අමාත්‍ය මණ්ඩල නිර්දේශයක් දැම්මා විශේෂඥ කමිටුවක් පත්කරන්න. කමිටුවෙන් යෝජනා වුණේ 6-11 සිසුන්ට දෙන්න.”

“බෙදන අවස්ථාවවන විට කාලය ඉකුත් වෙලා තිබුණේ නැහැ. දැන් ඒ ටැබ්වල ගැටලු ටිකක් තියෙනවා. අපි බලන්නේ දෙකක් එකතු කරලා හරි එකක් හදාගන්න.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...