උද්දික පුතා

Date:

හොද්දක හීන දකිමින් ගෙට ඇදෙනකොට
උද්දික පුතා සිහිවුණි පූරුවෙ පිනට
සද්දෙට ගලවද්දි හුරතල් ඉරිගු ඇට
පාන් බාගෙ හිනැහෙනවා මකෙන් පුට

උද්දික පුතුන් උන්නේ හිරු තරු එක්ක
උද්දික පුතුට වැදුණයි විමලෙගෙ කොක්ක
උද්දික පුතු කෙරෙන් දුටු ගැමුණුම දැක්ක
උද්දික පුතා රජරට ගොවියගෙ බොක්ක

පංචායුධ කුමරු සහ පිරිවර එන්නේ
උද්දික පුතා ඉන් ආයුධයක් වැන්නේ
සංඛයෙ, සිපතෙ, ත්‍රී ශූලයෙ නෑ දුන්නේ
පාරා වළල්ලෙද කියහං උඹ ඉන්නේ

පට්ට නළුවාය දුටුගැමුණත් වී ය
කට්ට විමලාය දුටුවොත් ඌ කා ය
ගොට්ට ඉරිලාය හැලුණොත් සොරි වේ ය
මුට්ට කරගෑ ය බඩ ඉරිඟුම කෑ ය

පැනමා ඇලේ සිහිනෙන් ඔරු පදිනවද
සිනමා පුවරු වල තනිවී තැවෙනවද
හනුමා වැහුණ විදිහට දර පළනවද
කැනඩා ගිහින් නවතින්නට හිතෙනවද

රැකවල් පිටින් උඹ එනතුරු ගෙට වෙන්ට
අපි උන්නේ රෙසිපිය ඉල්ලන් යන්ට
අපි එක්ක නං මළ පැන්නේ මෙහෙම බොට
ඇයි උද්දිකෝ වෙඩි තිබ්බේ උඹ උඹට

~ කෞ ද බෝයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...