තව දින 100යි. රටම අලුත් පරිවර්තනයකට – තිස්ස

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට රට පුරා විවිධ ප්‍රචාර යන නමුත් ජනතාවගේ සර්ව ජන ජන්ද අයිතිය උදුරාගැනීමට කිසිවෙකුට හෝ ඉඩ නොදෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඒ, අද (25) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව තවත් දින 100කින් අලුත් පරිවර්තනයකට රට එළඹෙන බවයි අත්තනායක මහතා කියාසිටියේ.

”මේ මොහොතේ වෙන විකල්ප නැහැ. මේ රටේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකි සහ ජනතාවට වගවෙන වගකීමකින් යුතුව ක්‍රියාත්මක අකරණ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට තිබෙන හොඳම අවස්ථාව තමයි මේ එළඹෙන ජනාධිපතිවරණය කියන එක අපි කියන්න කැමතියි. ඒ ජනාධිපතිවරණය කුමන හේතුවක් නිසාවත් මඟහරින්නවත් වෙනස් කරන්නවත් නොපවත්වා ඉන්න බැහැ. රට පුරා අලුත් කතා ගොඩක් යනවා මේ දවස්වල ආණ්ඩුවේ මෙහෙයවීමෙන්. සමහර කණ්ඩායම් කියනවා ජනාධිපතිවරයට කාලය දෙන්න ඕනේ කියල. සමහර කණ්ඩායම් කියනවා ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් ඕනේ කියල. තවත් සමහර අය විවිධ ප්‍රචාර කරනවා. හැබැයි අපි ඒ හැමෝටම කියන්න කැමතියි මේ රටේ මහජනතාවගේ සර්ව ජන ජන්ද බල අයිතිය උදුරා ගන්න කුමන හේතුවක් නිසාවත් අපි අපි ඉඩ දෙන්න සූදානම් නෑ. එහෙම හිතන අය ඒ හීන දකින්න පුළුවන්. නමුත් මේ රටේ ජනතාවගේ මහජන ජන්දයෙන් ජනතා කැමැත්තෙන් තෝරන ජනාධිපතිවරයෙක් මිස අනුප්‍රාප්තික ජනධිපතිවරු හෝ එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේ ආසාව නිසා පුටුවල වාඩි වෙලා ඉන්න ක්‍රමයට නීති හදාගන්න කිසිසේත් ඉඩක් නැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා මුළු රටේම ජනතාව දින 100කින් අලුත් පරිවර්තනයකට එළඹෙනවා. ඒක තමයි නව ජනාධිපතිවරයෙක් යටතේ නව ආණ්ඩුවක් යටතේ අපිය ඊළඟට මුහුණ දෙන්න පුළුවන් කියන එක කියන්න කැමතියි. ඒ නිසා අපි නැවත නැවතත් ආරාධනා කරන්නේ මේ තීරණාත්මක මොහොතේ සමඟි ජන බලවේගය සහ සන්ධානය සමඟ එකතු වෙන්න කියල මේ රටේ සෑම ජන කොට්ට්තසයකටම.” යනුවෙන් අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...