නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

Date:

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW:

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති කිර්ස්ටි කොවෙන්ට්‍ ස්විට්සර්ලන්තයේ ලෝසාන් හී ඔලිම්පික් මූලස්ථානයේදී ඔලිම්පික් සාමාජිකයින් අමතමින් ප්‍රකාශ කළේ ඇය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෞද්ගලිකව හමුවීමට අපේක්ෂා කරන බවය.2028 ලොස් ඇන්ජලීස් හී පවත්වන්නට බලාපොරොත්තුවන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ වර්ථමාන භූ දේශපාලනය තුළ පවතින තත්ත්වයන් හී ඇමෙරිකානු භූමිකාව සමඟ සාර්ථක ඔලිම්පික් උළෙලකට යාම සදහා කළ යුතු දෑ එම සාකච්ඡාවට ඇතුළත් වෙනු ඇත.
අහඹු සංක්‍රමණික වැටලීම් හේතුවෙන් දැවැන්ත විරෝධතා සහ නගර දැඩි ලෙස මිලිටරිකරණය වී තිබීම වැනි කාරණා ඔලිම්පික් කමිටු සභාපතිණියගේ අවධානයට යොමු වනු ඇත.පිරිමි පාලනයන් දසත විහිදි ලෝකයක ඇයට කාන්තාවක මෙන්ම මවක ලෙස ද සිය අනන්‍යතාවයන් සහ ගෞරවය ද රැකගෙන ඔලිම්පික් පරමාර්ථ වෙනුවෙන් සාර්ථකත්වය ලබා ගැනීමට තිබෙන මාර්ගය පහසු නොවන බව දැනෙනවා ඇත.එහෙත් තෝමස් බැච් සම්බන්ධයෙන් ඇය මේ උත්සව අවස්ථාවේදී . “ඔබ අපව වඩාත්ම කැළඹිලි සහිත කාලවලදී එක්සත් කර ඇත. ඔබ අපට බොහෝ උරුමයන් සහ බලාපොරොත්තුවක් ඉතිරි කර ඇත,” යනුවෙන් පැවසුවාය.


“අපව උද්‍යෝගයෙන් මෙහෙයවීම ගැන සහ අපගේ වටිනාකම්වලින් කිසි විටෙකත් නොසැලී සිටීම ගැන මගේ හදවතේ පත්ළෙන්ම එන ස්තූතිය පුදකරමි.”යනුවෙන් මේ අදහස් දැක්වීමේදී කර්ස්ටි බැච් සම්බන්ධයෙන් හැඟීමබරව අදහස් දැක්වූවාය.
“ඔලිම්පික්වාදයේ අරමුණ වන්නේ ක්‍රීඩාව මානව වර්ගයාගේ සමගිය සංවර්ධනය සඳහා සේවය කිරීමයි, මානව ගරුත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන සාමකාමී සමාජයක් ප්‍රවර්ධනය කිරීමයි.“ බැච් ඒ මත බොහෝ දුර ඇවිද ගියේය.ලෝක කොවිඩ් වසංගතය මොහොතේ මෙන්ම යුද වියරුවෙන් මත් වුණා නායකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව සෘජු මැදිහත් කිරීමට ශක්තිය ඇති ව්‍යාපාරයක් බවට ද ඔලිම්පික් ආයතනය පත් කළේය.විවිධ ලිංගිකත්වය සම්බන්ධයෙන් ලෝක කියවීමට එරෙහිව විද්‍යාත්මක පදනමකින් ඒ දෙස බැලීමට ගත් ඇතැම් උත්සාහයන් මේ වන විටත් සංවාදයට බඳුන් වී ඇතත්,සිය ලිංගික අනන්‍යතාවය මත මිනිස්සු වෙනස් කොට සැළකිම වෙනුවට ගෞරව දැක්වීම කෙරෙහි ඔලිම්පික් ක්‍රීඩා පිටියේ හැඩය සකස්කිරීමට බැච් පෙරමුණ ගත්තේය.බැච් නව්‍යතාවයන් අනුව ක්‍රීඩාවේ නියෝජනය වඩා විද්‍යානුකූල සීමාවන් යටතේ පරික්ෂා කරන තත්ත්වයකට ඉහළට ගෙන එන්නට දැරූ උත්සාහයට කර්ස්ටි දක්වන ගෞරවය කවරේද යන්න විමසා බැලීමට ඩොනල්ඩ් ට්‍රම්ප් 2028 ඔලිම්පික් උළෙල සිය අභිමතානුසාරී උවමනාවට හසුරුවන්නට දරණ වෑයම සමඟ කර්ස්ටි කරන දේ අනුව තීරණය වනු ඇත.


එහෙත් ලොව ඔලිම්පික් සභාපති ධූැයට බත් ලාබාලතමයා පමණක් නොව,පළමු කාන්තාවද ලෙස ඉතිහාසයට එක් වී තිබෙන කර්ස්ටි,ඩොන්ලඩ් ට්‍රම්ප් සමඟ පෞද්ගලිකව කරනු ලබන සාකච්ඡාව ඔහුගේ යෝජනාවන්ට ‘එහෙයි‘ කියන කතා බහක් නොවනු ඇත.ඇය පිහිණුම් තටාකයේ ලෝකය දිනනු පිණිස දිය දෑතින් දෙබෑ කරගෙන පෙරමුණේ සිට පිහිණූ ආකාරයටම ලෝක අභියෝගයන් ද මැඩ ඔලිම්පික් අරමුණු සාක්ෂාත් කිරීම පිණිස කැපවෙනු ඇත.එය හුදෙක් තනිව කළ හැකි නොවන ඔලිම්පික් අරමුණු වෙනුවෙන් බැඳුණු සඟයන් සියල් ල එකා මෙන් බැදුණු ගමණක් කර ගැනීමට ඇයට හැකි වෙනු ඇත.ලොවම එකට බැදුණු වළලු පහ මෙන්ම කර්ස්ටි ද ලෝක මානවයාගේ උරුමයන් සහ අයතීන් ක්‍රීඩාව තුළ සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් බෙරට ගෙන යන්නට හැම මහද්වීපයකම ඔලිම්පික් ක්‍රියාකාරීන්ගේ ආදරයෙන්,සහයෝගයෙන් ශක්තිමත්ව බැඳී සිටීමට උත්සාහ දරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...

මෙවර උසස් පෙළ විභාගය ගැන විශේෂ තොරතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : මෙම වසරට...