ගැහැණිය නැවතත් ගල් යුගයට ගෙන ගිය ඇමරිකානු නඩු තීන්දුවට එරෙහිව දසතින් විරෝධය

Date:

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඊයේ දින(24) Roe v Wade තීන්දුවේ අඩංගු ගබ්සාව පිළිබඳ ව්‍යවස්ථාමය ආරක්ෂාව ඉවත් කිරීම හෙවත් ගබ්සාව පිළිබඳ කාන්තාවගේ ප්‍රජනන අයිතිය උදුරා ගැනීම සියවස් ගණනාවක් ආපස්සට ඇමරිකාව රැගෙන යාමකි. ගෝත්‍රික වැඩවසම් නීතිමය රාමුවක් ලිබරල් ඇමරිකාවට හදුන්වා දීමකි. මේ වන විට ගබ්සාව සම්බන්ධයෙන් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ ගනු ලැබූ තීන්දුව එක්සත් ජාතීන්ගේ සහ ලෝක නායකයන්ගේ විවේචනයට ලක්ව ඇත.

1973 වසරේ සිට ගබ්සාව ඇමරිකාව තුළ නීතියෙන් තහනම් නොවීය. කාන්තාවගේ ප්‍රජනන නිදහස, ලිංගික අයිතිය, සමානාත්මතාවය ඇයට හිමිව තිබිණී. එය අපරාධයක් ලෙස නොදුටු අතර කාන්තාවගේ ශරීරයේ පාලනයේ නිදහස හා අයිතිය ඇයට මෙ මඟින් ලබා දී තිබිණි. නමුත් එම නිදහස ඊයේ දිනයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්තනෝමතික ලෙස උල්ලංඝණය කර ඇත. උත්තරීතර අධිකරණය විසින් ගැහැණියගේ ශරීරය පිළිබඳ තීන්දු තීරණ ගනිමින් ඇත. එය සදාචාර සම්පන්න නැත. සර්ව සුබවාදී ද නැත. මෙය අතිශය ප්‍රතිගාමී තත්වයක් ලෙස ලෝකයේ විවේචනයට ලක්ව ඇත.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී Michelle Bachelet ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය කාන්තාවන්ගේ මානව හිමිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට මෙය විශාල පහරක් බවයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගබ්සාවට ප්‍රවේශය සීමා කිරීමෙන් මිනිසුන් ගබ්සා කිරීමට යාමෙන් වලක්වන්නේ නැත, එය වඩාත් මාරාන්තික කරවන බවයි.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු නිසා මම ඉතා කලකිරීමට පත්ව සිටිමි. ඇමරිකාව එවැනි අයිතිවාසිකම් ආරක්ෂා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus පවසා තිබුණේ.

ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය නායකයන් මෙම තීන්දුව හෙළා දැක ඇති අතර එය කාන්තා නිදහසට අභියෝගයක් ලෙස දක්වයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ගබ්සාව සියලුම කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකමක්. එය ආරක්ෂා කළ යුතු බවයි. එමෙන්ම එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ගේ නිදහස හෑල්ලුවට ලක් කරන කාන්තාවන් සමඟ මගේ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට මම කැමැත්තෙමි,” ලෙස ඔහු නිවේදනය කර තිබිණ.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබුණේ මෙම තීරණය විශාල ආපස්සට යාමක් බවයි. කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ද මේ පිළිබඳ අදහස් දැක්වීය. එනම් කිසිදු රජයක්, දේශපාලනඥයෙක් හෝ පිරිමියෙක් කාන්තාවකට ඇගේ ශරීරයෙන් කළ හැකි සහ කළ නොහැකි දේ පැවසිය යුතු නැත. ඔබට තෝරා ගැනීමේ අයිතිය වෙනුවෙන් අපි සැමවිටම පෙනී සිටින බව කැනඩාවේ කාන්තාවන් දැන ගත යුතු බව ඔහු ප්‍රකාශ කර ඇත.

නෝර්වීජියානු අගමැති Jonas Gahr Støre එය “කාන්තා අයිතිවාසිකම් සඳහා බරපතල පසුගාමී පියවරක්”බවයි. ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez පැවසුවේ “කාන්තාවන්ට තම ජීවිතය ගැන නිදහසේ තීරණය කිරීමට හැකි විය යුතු” බවයි. ස්කොට්ලන්තයේ පළමු අමාත්‍ය නිකොලා ස්ටර්ජන් එය “මගේ ජීවිත කාලය තුළ කාන්තා අයිතිවාසිකම් සඳහා අඳුරුතම දිනවලින් එකක්” ලෙස ඇය ඊයේ දිනය හඳුන්වා ඇත. බෙල්ජියම් අගමැති Alexander De Croo පැවසුවේ එය ලෝකයට යවන සංඥාව ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.

ලෝකය පුරා සිදුවන සියලුම ගබ්සාවන්ගෙන් සියයට 45ක් අනාරක්ෂිත බවත්, ලොව පුරා සිදුවන සියලුම ගැබ්ගැනීම් වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අනපේක්ෂිත ඒවා වන  ඉන් සියයට 60කට වැඩි ප්‍රමාණයක් ගබ්සාවෙන් අවසන් විය හැකි බව UNFPA පවසයි.

මෙම තීරණය දෙනු ලැබූ විනිසුරුවන් පිළිබඳවද ලෝකයේ නන් දෙසින් විවිධ විවේචන එල්ල වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සිව් අවුරුදු ධුර කාලය තුළ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගතානුගතික සාම්ප්‍රදායිකත්වය ප්‍රදර්ශනය කළ බව කියැවේ. ඒ අනුව මෙය ඇමරිකානු ලිබරල් ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලැබූ ඇෆ්ගන් පන්නයේ නඩු තීන්දුවක් බව කිව යුතුය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...