ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විශේෂ දැනුම් දීමක්

0
691

හෙට (26) සිට ආරම්භ වන සතියේ අනිවාර්යයෙන්ම කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සියලුම දෙනාට විශේෂ දැනුම් දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

මෙම සතිය තුළ සහ එළඹෙන සති අන්තයේ විශේෂ රැස්වීම් කිහිපයක් පැවැත්වීමට සහ පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බැවින් මෙසේ ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට කොළඹම රැඳී සිටින දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

ඒ අනුව මැති ඇමතිවරුන්ගේ විදෙස් සංචාර ද මේ සතිය තුළ නවත්වන ලෙස දැනුම් දී ඇති බවත් වාර්තා විය.

RN