ජුලි 08 මර්වින් නැවතත් කරළියට !

Date:

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, ජුලි 08 වනදා කැළණියේදී මෙම නව දේශපාලන ව්‍යාපාරය එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

එක්තරා ප්‍රබල රටක සහාය ඇතිව ආරම්භ කෙරෙන මෙම නව දේශපාලන ව්‍යාපාරය දැනට රටේ පවතින සියලුම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට දැඩි විවේචනයක් එල්ල කරමින් දියත් කෙරෙනු ඇති බවත් වාර්තා විය.

ඒ සඳහා දැනට විදෙස්ගතව සිටින වෘත්තිකයින් පිරිසකගේ ද දායකත්වය ලැබී ඇති අතර මෙම ව්‍යාපාරය ආර්ථික, සමාජයීය, දේශපාලන සියලුම අංශ ආවරණය වන පරිදි පුළුල් ලෙස සිය මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...