කොළඹ – මඩකලපුව දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් සේවාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   (24) රාත්‍රියේ සිට කොළඹ – මඩකලපුව දුම්රිය මගීන් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විශේෂ රාත්‍රී බස් සේවාවක් ආරම්භ කර තිබෙන අතර ඒ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.00ට මඩකලපුව බලා පිටත්වන පුලතිසි සිඝ්‍රගාමි දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට අක්කරෙයිපත්තුව දක්වා රාත්‍රී බස් සේවාවක් ඊයේ ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මඩකලපුව ඩිපෝව මගින් මෙම සේවාව ආරම්භ කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

මෙම බස් රථ සේවාව මඩකලපුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.30 ට පිටත් වී කාත්තාන්කුඩි, ආරයම්පති, කලුවංචිකුඩි, කල්මුණේ, කාරයිතිව්, නින්දවුර්, අට්ටාලයිචේන හරහා අක්කරෙයිපත්තුව වෙත ළඟාවන බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගලයකුට පහරදීම : ගඟඉහළකෝරළේ මාලිමා සභාපති ඇප මත නිදහස්

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ගඟඉහළකෝරළේ ප්‍රාදේශීය...

ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : තම කීර්ති...

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...