පළාත් පාලන මැතිවරණ නාමයෝජනා අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳ සාකච්ඡා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉදිරි සති කිහිපය තුළ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි .

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අහෝසි කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් ව ඇති අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ද නියමිත බව සඳහන් .

මැතිවරණය කල්යාම තුළින් නාමයෝජනා බාරදී ඇති රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර මේ හේතුවෙන් අදාළ නාමයෝජනා අහෝසි කිරීමට බොහෝ දෙනෙකුගේ ඉල්ලීම් ඉදිරිපත් ව ඇති බැවින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බැවින් ඒ පිළිබඳ ආණ්ඩුව නීති උපදෙස් ලබා ගැනීමට ද බලාපොරොත්තු වන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...

BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම,...

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...