පාතකඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW):

නිවිතිගල පාතකඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇති අතර, වෙඩි වැදීමෙන් අවුරුදු 38ක් වූ දික්ඕවිට වත්ත, පාතකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. තුවාලකරු විවාහක අයෙක් වන අතර එම පුද්ගලයා පදිංචි නිවසේ මිදුලේ ඥාති පුත්‍රයෙක් සමග රැඳී සිටිය දී මුහුණ ආවරණය කර ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු පාගමනින් පැමිණ වෙඩි තබා පළාගොස් ඇත.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුව නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටර්හ් දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...