සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් කරන්න යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW):

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්ම යටතේ ඊට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය x ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එමඟින් ඊට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කරගැනීමට හැකිවන අතර ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට ද හැකි වනු ඇති බවයි.

අමාත්‍යවරයා පවසන්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යූහය ද සමාලෝචනය කෙරෙන අතර විවිධ කාර්යයන් සහ සේවාවන් සඳහා ඩිජිටල් වේදිකා හඳුන්වාදීමට ද නියමිත බවයි.

ඊයේ (25) දින මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු කාලරාමුව සහ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තෙල් පිරිපහදුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පැවැත්වී තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරකින් තුවාල ලබයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ...

අදත් බැකෝ සමන්ගේ ගෝලයකු ආයුධත් සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන...

අවුරුදු 16ට අඩු දරුවන්ට ශක්තිජනක පාන වර්ග තහනම් කිරීමට එංගලන්තය සැරසේ….

එංගලන්තයේ වෙසෙන අවුරුදු 16ට අඩු දරුවන්ට රෙඩ් බුල්, මොන්ස්ටර්...

ඊශ්‍රායලයේ දෝහා ප්‍රහාරයෙන් පසු කටාර්හි අරාබි-ඉස්ලාමීය සමුළුව සඳහා නායකයින් රැස්වෙති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ දෝහා...