*
Saturday, June 29, 2024
spot_img

Latest Posts

නදීශා ඔලිම්පික් ගමන තව පහසු කර ගනියි

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 26, (LNW) කොළඹ :

මෙවර 102 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය ඔලිම්පික් සුදුසුකම් ලැබීම ආසන්නයේ සිටින සියල්ලන්ටම වැදගත්ය.ඒ සුදුසුකම් ලැබීමේ අවස්ථාව වෙනුවෙන් තරග කරන්නට ලබා දෙන පොළවද වැදගත්ය.මේ මොහොතේ ලංකාවේ බොහෝ දෙනා ඇෆ්ගනිස්තානයේ ක්‍රීඩා කරන්නට ක්‍රිකට් තණිතිලි හෝ නොමැති බව කියමින් වැලපෙමින් සිටින අතරේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩකයන්ට ද ඉහළ පහසුකම් නොමැති පොළවක සහ පරිසරයක සුදුසුකම් ලැබීමේ අවස්ථාවන් යහපත් කර ගන්නට තරග වදින්නට සිදු වී ඇත.ඇත්තයම ඇෆ්ගනිස්ථානයේ පාලනයේ තිබෙන රුදුරු බව සහ අන්තවාදි ලක්ෂණ නිසා ආරක්ෂාව පිළිබද ජාත්‍යන්තරය පිළි නොගැනීම මිස ඇෆ්ගනිස්තානයේ ක්‍රීඩා සමාජ 300 වැඩි ප්‍රමාණයක් ක්‍රිකට් වෙනුවෙන් තිබෙන අතර ඔවුන්ගේ ජනතාව වඩාත්ම ප්‍රිය කරන ක්‍රීඩාවද ක්‍රිකට් ය.


ශ්‍රී ලංකාවේ මේ වන විට ලබා තිබෙන ඉහළම ක්‍රීඩා ජයග්‍රහණ වන ඔලිම්පික් පදක්කම් දෙකම දිනා දී ඇති මලල ක්‍රීඩාවේ ඔලිම්පික් තේරීමේ දි එම ඉලක්කය ආසන්නයේ තරග කරුවන් සිටින මීටර් 400 පිරිමි ඉසව්ව සහ කාන්තා හෙල්ල වීසි කිරීම ඉසව්ව නිමා වී අවසන්ය.මලල ක්‍රීඩා සංගමයට තිබෙන මේ මොහොතේ ක්‍රීඩකයන්ට ලබා දිය හැකි හොඳම ධාවන පථය සහිත ක්‍රීඩා පිටිය ලබා දුන්න ද,එහි තත්ත්වය ප්‍රමාණාත්මකද යන්න මලල ක්‍රිඩා සංගමයට ද ගැටළුවක් ඇතුවාට සැක නැත.
ක්‍රීඩා පිටියට සතුන් ඇතුළවීම වැළක්වීමට ද වෙනම ප්‍රයත්නයක් දැරිය යුතු මට්ටමට නිරාවරණය වී ඇති,වතුර ක්ෂණිකව බැස නොයාමෙන් ධාවන පථයේ යම් යම් තැන්වල වතුර රැදී පවතින තත්ත්වයන් සමඟ ඊට මුහුණ දෙමින් තරග වදින්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිඳුවීම ලංකේය උරුමයක් ලෙස ඔවුන් ඉවසිය යුතුව ඇත.
මේ තත්ත්වය මත නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල වීසි කිරීමෙන් මීටර් 55.77 ක් වාර්තා කළ ද,ඇය ඔලිම්පික් ගමණට සුදුසුකම් ලැබීමේ කණ්ඩායම අතර එම දස්කම සුව පහසු තැනක තැනපත් කර ගත්තාය.මේ දක්වා 30 වන තැන සිටි ඇය මේ දස්කම නිසා එකතු වන අතිරේක ලකුණු 100 ත් සමඟ ලකුණු 1100 ක හිමිකාරිත්වයකට උරුමකම් ලැබුවාය.ඒ අනුව සුදුසුකම් ලැබීමේ නාම ලේඛණයේ ඇයගේ ස්ථානය 23,24 හෝ 25 වන්නට ඉඩ ඇත.
මේ දින කිහිපය තුළ මහා වෙනසක් සිඳු නොවුණොත් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යන පරිණතම සහ ප්‍රවීනම ක්‍රීඩිකාව හැටියට නදීශා දිල්හානි ලෙක්ම්ගේ පෙරමුණ ගන්නවා ඇත.

පැවති මීටර් 400 ඉසව්වේ දී පළමු ස්ථානය දිනා ගන්නට අරුණ දර්ශන සමත් විය.ගත කළ කාලය තත්පර 45.51 කි.ලංකාවේ බොහෝ විට දැක ඇති පරිදි මේ ඉසව්වේ අරුණ දර්ශන අභිබවා ගිය කාලිංග කුමාර මේ අවස්ථාවේදී අරුණට පසුපසින් සිටියා මෙන්ම තියුණු තරගයක් ලබා දෙන්නට ද පොහොසත් වූයේ නැත.එසේ වූවේනම් ප්‍රතිපලය මීට වඩා වෙනස් වෙන්නට තිබුණු අතර එම වෙනස් වීම වළක්වන්නට පහසුකම් ද යම් ආකාරයක බලපෑමක් ඇති කරන බව ඇෆ්ගනිස්තානය දෙස බලව ඇසින්ම බලා අප තේරුම් ගත යුතුය.
කෙසේ හෝ අරුණ මේ තරගයේදී ප්‍රසාද ලකුණු ද සමඟ ලකුණු 1245 ට හිමිකම් කී අතර ඒ අනුව ඔහු මේ දක්වා පැරිස් සුදුසුකම් ලැබීම වෙනුවෙන් සිටි 53 වන ස්ථානයෙන් 50 වන ස්තානය දක්වා ඉහළට පැමිණිමට සමත් විය.මෙය බී ශ්‍රේණිය යටතේ පවතින තරගාවලියක් නිසා ප්‍රසාද ලකුණු 100 ක් හිමි වන අතර ඒ අනුව ඔහු ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම සඳහා තරග වැදුණු ඉසව්ව අතරින් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළ අවස්ථාව ලෙස ද මෙය නම් කළ හැකිය.අරුණට මෙහිදී බී ශ්‍රේණියේ අවස්ථාවන් දෙකක් හෝ තුනක් මේ තරග සටහනට ඇතුළත් වූයේ නම් සමහර විට ඔහුගේ ලකුණු තත්ත්වය මිට වඩා හොඳ තත්ත්වයක තිබෙන්නට තිබිණි.


රටේ ක්‍රීඩාවේ මේ යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ වැය සමස්ත ක්‍රීඩා පරිපාලනය විසින් දරා ක්‍රීඩා සංගම් සහ සම්මේලනවලට ස්වාධීන ආර්ථථික මට්ටමකට පත් විය හැකි ක්‍රමයක් තිබේනම් ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් මීට වඩා යටිතල පහසුකම්වලට වියදම් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.එහෙත් එසේ වේ යැයි කියා මේ දෙපාර්ශවයන්ගෙන්ම බලාපොරොත්තු තබා ගත හැක්කේ එම පුටුවලට පත්වන පිරිසට අනුවය.පත්වන මිනිස්සු නොවන පුටුවවලට පැහැර හැරිය නොහැකි ස්ථීර වලකීම් පැවරෙන මොහොතක අපට සතුටු වන්නට හැකියාව ඇත.නැත්නම් ඇෆ්ගනිස්තානය සහ අප අතර වැඩි වෙනසක් නැත.


සරණාගත කදවුරු ගතහොත් තමන්ගේ අයිති භූමිය පෙනෙන මානයේ තබාගෙන සරණාගත කදවුරුවල පිරී සිටින මිනිසුන් උතුරේ සිටින රටක් බව මතක තබා ගත යුතුය.එහි ද දක්ෂ ක්‍රීඩකයින් සිටින්නට ඉඩ ඇත.සජිත් ප්‍රේමදාස උතුරේ ටෙස්ට් ක්‍රීඩාංගන ගැන වෙහෙසෙන වෙලාව මේ සරණාගත කදවුරුවල සිටින්නන්නට තමන්ගේ භූමිය ලබා දෙන්නට කටයුතු කළොත් ක්‍රිකට් ක්‍රීඩාංගණවලට අවශ්‍යය දක්ෂයෝ නිදහසසේ හුස්ම ගනිමින් ක්‍රීඩාවන් ආක්‍රමණය කරනු දකින්නට ලැබෙනු ඇත.සජිත් නොව කාටවත් දකුණේ ජාතිවාදී ඡන්ද පදනම රැක ගැනිමට මේ ප්‍රශ්නය ගැන කතා කරන්නට පැහැදිළි අදහසක් නැත.ඔවුන් පිට්ටනි ගැන කතා කරාට දේශපාලන පිටිටනියේ ඇති හරි පන්දුව මඟ හැර යන්නේය.ක්‍රීඩාව සෙල්ලමක් නොවන ජාතික අවශ්‍යයතාවයක් ලෙස ගෙන එයට පවතින්නට අවශ්‍යය දේශපාලන විසඳුම ලබා දීමට මැදිහත්වීම වටිනා බව නදීශාගේ පතිත වන හෙළිතුඩින්, වගකිව යුතු අයගේ පපු කැවුතුවලට ඉලක්කය ගනිමින් පවසන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan