*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

ඩක්වර්ත් ලුවිස් මත නැඟුණු කොදෙව් ලලනාවෝ විස්සයි විස්ස සම කර ගනිති

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 26, (LNW) කොළඹ :

බටහිර ඉන්දීය කාන්තා කොදෙව් සංචාරයේ දී ශ්‍රී ලංකාවට එක දිගට ජයග්‍රහණ වාර්තා කරමින් පෙරට යාමට තිබුණු අවස්ථාවට වර්ෂාවෙන් බාධා ඇති වුණා.දෙවන විස්සයි විස්ස තරගයේ දී පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 15.2 ක් නිමා කරද්දී වර්ෂාවෙන් බාධා ඇති වුණා.ඒ වන විට කඩුලු 4 ට ලකුණු 89 සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි පන්දුවාර සඳහා මුහුණ දීමට අවස්ථාව අහිමි වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කොදෙව් ලලනාවන්ට පන්දු ඕවර් 15 දී ලකුණු 99 ක ඉලක්කයක් එල්ල වුණා.


එහිදී ආරම්භක පිතිකරු යුගලය වන කොදෙව් නායිකා හේලි මැතිව්ස් ලකුණු 29 ක් ද,ස්ටෙෆ්නි ටේලර්ස් ලකුණු 28 ක් නොදැවී ද රැැස් කළ අතර ඔවුන් ආරම්භක කඩුල්ලට පන්දු ඕවර් 6.5 දී ලකුණු 44 ක් එකතු කරන්නට ද සමත් වුණා.ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතරින් ලකුණු වේගය අඩාල කරමින් ශචිනි නිසංසලා සහ ඉනෝෂි ප්‍රියදර්ශනී මැනයින් පන්දු යැවූ අතර අමා කාන්චනා ද ලකුණු වේගය පාලනය කර ගනිමින් පන්දු යවනු ලැබුවා.එහෙත් තරගයේ 14 වන පන්දු ඕවරයේ දී වැඩි තරග අත්දැකීම් ඇති සහ මෑතකාලීනව තරග ජයග්‍රහණයේ දී වැඩි වගකීමක් දැරුව ක්‍රීඩිකාවක් වන කවීශා දිල්හාර් සම්බන්ධයෙන් විශ්වාසය තබන්නට චමරි අතපත්තු තීරණය කළා.


පිට ඉන්න දෙසින් හතරේ සීමාව ආසන්නයේ කිසිඳු ක්‍රීඩිකාවක නොසිටින තැනකදී කවීශා පන්දුවට පහර දුන් ආලියා ඇලෙයින්ට පිට ඉන්නට පිටින් යොමු කළ පන්දු ඇය පිට ඉන්න දෙසින් ලබා දී තිබුණු නිදහස යොදා ගනිමින් හතරේ සීමාව වෙත යොමු කළා.ඒ පහරවල්වලින් අවදානමක් නොගත් ආලියා ඒවා ඉහළින් යොමු කිරීම වෙනුවට ක්‍රීඩිකාවන්ගේ හිදැස් අතරින් ගලා යන්නට සැළස් වූවා.ඒ නිසා 14 වන ඕවරයේ දී චමරිත්,කණ්ඩායමත්,කවීශාත් බලාපොරොත්තු වූ දෙයට වඩා වෙනස් ආක්‍රමණයකින් පිළිතුරු දුන් ආලියා පන්දු ඕවර් දෙදකදී ජයග්‍රහණයට ලබාගත යුතුව තිබුණු ලකුණු 14 න් ලකුණු 13 ක් ම කවීශාට එරෙහිව රැස් කළා.අවසාන හෙවත් 15 වන පන්දු ඕවරයේ පළමු පන්දුවට ලබා ගත් ලකුණත් සමඟ දෙවන විස්සයි විස්සේ තරගයේ තීරණය කොදෙව් කණ්ඩායමට කඩුලු 6 ක ජයක් ලෙස විසඳුණා.


මේ තත්ත්වය මත තෙවන විස්සයි විස්ස තරගය කණ්ඩායම් දෙකටම තරගාවලි ජයක් සඳහා වැදගත් වන අතර පන්දු ඕවර් විස්ස රිද්මය සහ පනහ අතර වෙනස් රිද්මයකට හැසිරීමට ඇති අවශ්‍යයතාවය මේ තරගයෙන් අත්දැකීමක් හැටියට ශ්‍රී ලංකා කන්ඩායමට ලබා ගන්නට හැකි වුණා.
තරගයේ සමස්ත ලකුණු විස්තරරයට පහතින් පිවිසිය හැකියි.


https://es.pn/4eAtIGh

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan