ශරීරයේ බර අඩු කර ගැනීමට ගන්නා ඖෂධ වලින් ශරීර අභ්‍යන්තරයට ඇති වන හානි පිළිබඳ MHRA සෙවිල්ලෙන්!

Date:

සටහන – පුලී
ජූනි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
  බර අඩු කර ගැනීමේ ඖෂධවල ඇති විය හැකි බරපතල අතුරු ආබාධ පිළිබඳව අධ්‍යයනයක් ආරම්භ කර තිබේ. මෙම අධ්‍යනය ආරම්භ කර ඇත්තේ සිය ගණනක් පුද්ගලයින් තම අග්න්‍යාශයේ ගැටළු වාර්තා කිරීමෙන් පසුවය.

ඖෂධ සහ සෞඛ්‍ය සේවා නියාමන ඒජන්සිය (MHRA) විසින් එංගලන්තයේ උග්‍ර අග්න්‍යාශය රෝගයෙන් රෝහල් ගත කර ඇති බර අඩු කර ගැනීමේ ඖෂධ ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටී.

මවුන්ජාරෝ, ඔසෙම්පික් සහ වෙගෝවි වැනි ඖෂධ ලබා ගත් පුද්ගලයින්ගෙන් උග්‍ර හා නිදන්ගත අග්න්‍යාශ රෝග පිළිබඳ වාර්තා සිය ගණනක් ඇති නමුත් කිසිවක් මේ වනවිට එම ඖෂධ නිසා ඇති වූවක් බවට තහවුරු කර නොමැත.

මෙම අධ්‍යයනය සෞඛ්‍ය සේවා නියාමන ඒජන්සිය හි කහ කාඩ්පත් යෝජනා ක්‍රමය හරහා සිදු කෙරෙන අතර, එමඟින් ඕනෑම කෙනෙකුට ඖෂධයක්, එන්නතක් හෝ වෛද්‍ය උපකරණයක් සමඟ ඇති ගැටලුවක් වාර්තා වන අතර, එමඟින් හැකි ඉක්මනින් ගැටළු හඳුනා ගත හැකිවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...