හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ නඩුවක් කැඳවීමට දින!

Date:

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW :

2012 වසරේ ග්‍රීක රජය ආර්ථික අර්බුදයකට ලක්ව බිඳ වැටෙන බව දකිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1යි දශම 8කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළ බව වාර්තා වේ.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුකරයට අදාල නඩු භාණ්ඩ ලේඛන අද දින විත්තියට භාර දෙන බවයි.

මෙම නඩුවට අදාළව ඉදිරිපත් වූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව විත්තිය විසින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සම් තුනක් ඉදිරිපත් කර ඇති බවත් ඒවා සැප්තැම්බර් මස 19 වනදා සලකා බැලීමට නියමිතව තිබෙන බවත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය මෙන්ම විත්තියේ නීතිඥවරයාද සඳහන් කළ බව පැවසේ.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අභියාචනාධිකරණ පෙත්සම් කැඳවන දිනයෙන් ඔබ්බට යෙදෙන දිනයක මෙම නඩුව කැඳවීම සුදුසු බවයි.

තමන් සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවීමක් නොකරන බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව අදාළ නඩුව ඔක්තෝබර් මස 10 වනදා කැඳවීමට නියම කෙරුණ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...