ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:අපරාධ රාජ්යයක් ගොඩනැගීම වෙනුවෙන් සැලසුම් කර තිබුණු සියල්ල දැන් හෙළිවෙමින් පවතින අතර ජනාධිපතිවරයා පැවසූ පරිදිම ඒවා කාලයේ වැලි තලාවට යට වීමට ඉඩ නොදෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද (26) ජාත්යන්තර මත්ද්රව්ය භාවිතය හා ජාවාරමට එරෙහි දිනයට සමගාමීව, “රටම එකට ” මත්ද්රව්ය නිවාරණ ජාතික වැඩසටහනට එක්වෙමිනි.
සියලු අපරාධ විමර්ශනය වන අතර මේ රටේ සුවහසක් ජනයාට යුක්තිය සාධාරණය ඉටුවන බවයි අමාත්යවරයා සඳහන් කළේ.
මහජනයා දුන් ජන වරමේ පැතුම එය වන හෙයින් ඊට මැදිහත්වන බව හෙතෙම අවධාරණය කළේය.

