බොලිවියාවේ රජය පැහැර ගැනීමේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථකයි

Date:

සටහන : සශිකලා මධුෂාණි, ජුනි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බොලිවියාවේ ජෙනරාල් ජුවාන් ජෝස් සුනිගාගේ නායකත්වයෙන් යුත් සන්නද්ධ හමුදා ව විසින් ඊයේ(26)දිනයේදී ජනාධිපති ලුයිස් ආර්ස් රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය පැහැර ගැනීමට යාම ජෙනරාල් වරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ අසාර්ථකව ඇති බව වාර්තා වේ.

ජෙනරාල් ජුවාන් ජෝස් සුනිගාගේ නායකත්වයෙන් යුත් හමුදා ඒකක ජනාධිපති මන්දිරය සහ කොන්ග්‍රසය පිහිටි මධ්‍යම ප්ලාසා මුරිලෝ චතුරශ්‍රයේ ආයුධ සන්නද්ධ වාහනයක් ජනාධිපති මන්දිරයේ දොරක් කඩාගෙන සොල්දාදුවන් ඇතුළට ගොස් තිබූ අතර කුමන්ත්‍රණයට නායකත්වය දුන් ජෙනරාල්වරයා පවසා තිබුණේ එරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීම ඔහුගේ උත්සාහය වූ බවයි.

අවසානයේදී, ජනාධිපති ආර්ස් විසින් ජෙනරල් සුනීගා වෙනුවට ජෝස් විල්සන් සැන්චෙස් පත් කරන ලද අතර, බලමුලු ගැන්වූ සියලුම භටයින්ට ඔවුන්ගේ බැරැක්ක වෙත ආපසු යන ලෙස නියෝග කර ඇති අතර රජයට එරෙහි අසාර්ථක උත්සාහය පිටුපස සිටින අය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන බව පැවසේ.

ආර්ථිකය කිසිසේත් යහපත් නොවන බොලිවියාව මේ වන විට රටපුරා ඉන්ධන හිඟයකට මුහුණ දී සිටියි. බොලිවියාව 1825 දී නිදහස ලබා ගත් දා සිට දේශපාලන නොසන්සුන්තාවයේ දිගු ඉතිහාසයකට හිමිකම් කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...